
(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ප්‍රාදේශීය සභාවෙන් අවසර ලබා දී ඇති ගව මස් කඩයක් මුවාවෙන් වසර ගණනාවක සිට බලපත්‍ර උල්ලංඝනය කරමින් මහා පරිමාණයෙන් ගවයන් සහ එල දෙනුන් ඝාතනය කොට වී ගබඩාවල මස් තොග ගබඩා කරමින් ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය ස්ථානයක් වටලා තිබූ ගබඩා කර තිබූ මස් තොගයක් ඝාතනයට සූදානම් කර තිබූ ගවයන් හතර දෙනෙක් සහ එම ව්‍යාපාරිකයා අද( 04 ) සැකපිට අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව දඹුල්ල පොලිසිය කියයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බුද්ධි නිලධාරීන් දින ගණනාවක් ඉතා සූක්ෂම ලෙස තොරතුරු පිළිබඳව ගවේෂණය කොට දඹුල්ල මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් එක්ව අද අලුයම හතරේ සිට මෙම වැටලීම සිදුකොට තිබේ.
දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ දඹුල්ල ප්‍රාදේශීය සභාව මගින් බා දී ඇති ගව මස් මඩුවකට ලබා දී ඇති බලපත්‍ර හිමි ආයතනයක මෙම මහා පරිමාණය හරක් මස් ජාවාරම ක්‍රියාත්මක වන බව පොලිසිය සඳහන් කළේය.
එම ස්ථානය පරික්ෂා කර බැලීමේදී මස් අලෙවි මඩුවට ආසන්නයේම වී ගබඩාවක් තුළ අධි ශීතකරන රැසක ඇසුරුම් කරන ලද ගව මස් කිලෝ තුන්දහසකට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවූ බව දඹුල්ල පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙ පොලිසිය හරි පව්. මේක අවුරුදු ගානක් කරලත් දැනගෙන ඉඳලා නෑනේ. තමන්ගේ පාඩුවේ අහක බලාගෙන ඉඳලා තියෙන්නේ. පව්ම පව්...!
අනිවාර්යයෙන්ම පොලිසියේ අයත් මේකෙන් පිනට මස් ගෙනියන්න ඇති. මේවගේ අය තමයි ඔය එක එක ලෙඩ හැදිලා දුක් විඳවන්නේ.