
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් (Krishna Srinivasan), ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෘවර් (Dr. Peter Breuer) මහත්වරු ප්‍රමුඛ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෝ සහ IMF සාකච්ඡා සඳහා පත් කෙරුණු මෙරට නියෝජිත කණ්ඩායම ඊට එක්ව සිටිති.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනේ ඉලක්ක සපුරා ගන්නා අතරම ජනතාව මත පැටවෙන පිඩනය ඉවත් කෙරෙන විකල්ප මාර්ග ඔස්සේ එම අරමුණු වෙත ළඟා වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අරමුණ බව ජනාධිපති කාර්යාලය පවසයි.
(ළහිරු හර්ෂණ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොල්ලගේ තරම ඔය කාට කාටත් බලාගන්න පුළුවන් වේවි...!
මොකක්ද ගත්ත තිරණය....ඒකයි වැදගත්...!
මොනවද රනිල් කිව්වේ ජනාධිපතිවරණයේදී. රනිල්ට බලය නොලැබුණොත් IMF වැඩසටහන ඉවරෙටම ඉවරයි කිව්වා. මෙහෙමත් බොරුකියන්න හොඳද? බලය ලබාගන්න ඕනෑම ජඩ කතාවක් කියන්න අපේ දේශපාලුවන් සූදානමෙන් ඉන්නේ...
කබරාල් සහ ලක්ෂ්මන් දෙදෙනා එකතුවී ගත් වැරැදි මුදල් හා විදේශ විනිමය ප්‍රතිපත්ති නිසා පසුගිය කාලේ ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණදුන් බව කවුරුත් දන්නවා ඇතැයි සිතමි...