
(ගයාන් සූරියආරච්චි)
ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ බී.ඩී. විමුක්ති කුමාර (36) නැමැති වස්කඩුව, පනාපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා ඩුබායි රාජ්‍යයේ සිටියදී මිතුරන් දෙදෙනකු සමග ඇතිවූ ආරවුලක් මත එම මිතුරන් දෙදෙනා විසින් කළ පහරදීමකින් පසු කෝමා තත්ත්වයට පත්වී ඇති අතර පසුව පහරකෑමට ලක්වූ පුද්ගලයා ඉකුත් (28) දා ඩුබායි සිට මෙරටට ගෙන්වා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.
මියගිය පුද්ගලයාගේ මව අද (4) දිවයිනට පැමිණීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව විමර්ශන සිදුකිරීමට නියමිතය.
මීගමුව දිසාව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ උපදෙස් පරිදි කටුනායක ගුවන්තොටුපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මැල්කම් පේජ් මහතාගේ ප්‍රධානත්වයෙන් නිලධාරීහු පිරිසක් වැඩිදුර විමර්ශන සිදුකරති
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩුබායිව තත්වය ඕකයි. අඩුවට බොන්න ගන්න තියන නිසා අරගෙන බොනවා. ඊට පස්සේ සින්දු කියනවා. නටනවා... පස්සේ ඒ අයම රණ්ඩු කරගන්නවා. ආවේ මොකටද? මතක නෑ... එක්කෝ හිරේ. නැතිනම් හොස්පිටල් එකේ... අපරාදේ තරුණ ජීවිත.