
(මනෝප්‍රිය ගුණසේකර)
ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩුවක් කළ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට සහ හිටපු ස.තො.ස. ගබඩා පාලකවරයාට එරෙහි නඩුවේ විත්තියේ සාක්ෂි විභාගය දෙසැම්බර් 02 ආරම්භ කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද තීරණය කළේය.
විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති හෙයින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වැනි වගන්තිය යටතේ විත්තියේ සාක්කි නොකැඳවාම විත්තිකරුවන් නිදොස් කර නිදහස් කරන්නැයි විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කළ ඉල්ලීම් ප්‍රතික්‍ෂෙප කිරීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.
මහාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රදීප් හෙට්ටිආරච්චි (සභාපති), ප්‍රදීප් අබේරත්න සහ මහේෂ් වීරමන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩුව විභාග කෙරේ.
2014 සැප්තැම්බර් මස පළමුවැනිදාත් 2014 දෙසැම්බර් මස 31 වැනිදාත් අතර කාලයේ කොළඹදී සතොස ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදා දී රජයට රුපියල් මිලියන 53 කට අධික පාඩුවක් සිදු කළ බවට විත්තිකරුවන්ට එරෙහිව චෝදනා හයක් යටතේ නඩු පවරා ඇත.
මෙම සිද්ධියට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවැරීම සඳහා අගවිනිසුරුවරයාගේ අනුමැතිය ලැබීම නිසා හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මෙන්ම සතොස හිටපු සභාපති වත්මන් වෙළඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම මෙලෙස නඩු පවරා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යෙන් හිරේ ඉන්න ඕනේ කෙනෙක්. මේ රටට කරපු අපරාදෙට නීතියෙන් නැතත් සොබා දහමින් හරි මේ වගේ කාලකන්ණි මිනිස්සුන්ට දඩුවම් ලැබෙන්න ඕනේ. හොරා කාපු ධනය වෙනුවෙන් දාඩිය මහන්සිය වපුරපු පොඩි මිනිසුන්ගේ සාපය අනිවාර්යෙන් වදිනවා. දඩුවම් ලැබිය යුතුමයි.
නොවැම්බර් 14 ඉත්තා වලේ...
මේ නඩුවෙන් මේ හාදයා අවුරුදු 10ක් වත් කූඩුවට යනවා. ඒ අතරේ තව නඩු හැට හුටාමාරක් මේකට තියෙනවා. අනිවාර්යයෙන්ම මරණ දණ්ඩනය හිමිවෙන " චීනෙන් කක්කා නැවක් ගෙනැල්ලා කොමිස් ගහපු නඩුවත් එනවා. අසුචි වලින් කොමිස් ගහපු මුට අසූචි කවලාම මැරෙන විදිහට මරණ දණ්ඩනය දෙන්න ඕනා.
කම්බ හොරු...!
හොර වැඩක්...
ඒක විතරක් නෙවෙයි, මෝටර් බයිසිකලයෙන් ඒ කාලේ වැඩට ගිය කෙනා කොහොමද පසුගිය වසර කීපයට මෙච්චර පොහොසත් වුණේ කොහොමද කියලත් හොයන්න ඕනෑ. අත හරින්න එපා. NPPඑක කළේ නැතිනම් වැඩක් නෑ...
නොවැම්බර් මස 14 දා මහ ඡන්දෙන් පැරැදිලා, නඩු විභාගය එනකම් කැරම් ගහමින්, දාම් අදිමින් ආතල් එකෙන් ඉන්න... ඊට පස්සේ මහ උළු ගෙදර කම්බි කූරු ගනින්න...!!!