
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙරානය සමග සහයෝගයෙන් කටයුතු කරන ලෙස ඉරාන රජය රුසියාවෙන් ඉල්ලීමක් කර ඇතැයි ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉරාන් ඉන්ටර්නැෂනල් නාලිකාව වාර්තා කළේය.
නමුත් එම ඉල්ලීමට රුසියාව ප්‍රතිචාර දක්වා ඇත්ද යන්න තවමත් තොරතුරක් නැතැයි එම නාලිකාව ප්‍රකාශ කළේය. මීට පෙරද අවස්ථාවන් කීපයකදීම චන්ද්‍රිකා දත්ත ලබාදෙන ලෙස චීනයෙන් සහ රුසියාවෙන් ඉරානය ඉල්ලීම් කර තිබිණි.
ඉරානය ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුව ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි ප්‍රථම වතාවට යාඥාවක් මෙහෙයවීමට නියමිත අතර එහිදී ඔහු ප්‍රසිද්ධ දේශනයක් සිදු කිරීමටද නියමිතය.
එම දේශනයේදී ඉරානයේ ඉදිරි සැලැස්ම පිළිබඳ තොරතුරු රැසක් හෙළිවනු ඇතැයිද දේශපාලන විචාරකයන් මත පළකර තිබේ.
ඉරාන උත්තරීතර නායකයා අවුරුදු 5 කට පසුව ප්‍රථම වතාවට සිකුරාදා දින යාඥාවක් මෙහෙයවීම එයට හේතුව බවද දේශපාලන විචාරකයෝ ප්‍රකාශ කළහ. මධ්‍යම ටෙහෙරානයේ ඉමාම් කොමෙයිනි පල්ලියේදී ඉරාන උත්තරීතර නායකයා එම යාඥාවක් පැවැත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
705
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි
පිටිගල මිලානෝ Friday, 04 October 2024 04:14 PM
ඉරානය ගලේ පහරපු බළළාගේ තත්වයට වැටී ඇත.