(ආරියරත්න රණබාහු )
ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාම පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය පවසයි.
ඒ අනුව මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී පිටත්ව ගොස් ඇති ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 28344දෙනෙකු වන අතර පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ගොස් ඇති සංඛ්‍යාව 25716කි.
මෙම වසරේ මුල් මාස 09 තුළ විදෙස් රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් 240109ක් ගොස් ඇති අතර ඊට කාන්තා ශ්‍රමිකයින් 99939ක් ද පිරිමි ශ්‍රමිකයන් 142170 ද ඇතුළත් වේ..
එම පිරිස් ගොස් ඇති රටවල් අතරට සෞදි අරාබිය ඊශ්‍රායලය ,ජපානය,දකුණු කොරියාව, කුවේටය , සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන රටවල් ඇතුළත් බව කාර්යාංශය සඳහන් කළේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේරම ශ්‍රමිකයන් කියලා අමතන එක අගෞරවයක්... කම්කරු රැකියා සඳහා හැම කෙනෙක්ම යනවා නෙවෙයිනේ...!
මේක පුදුමයට කරුණක් නොවේ. ලංකාවේ වසරකට සිසුන් 450,000ක් පමණ පාසල් අධ්‍යාපනය නිම කර සමාජයට පැමිණෙනවා. නමුත්, ලංකාවේ ඔවුන් සඳහා වසරකට රැකියා 450,000 බිහි වන්නේ නැහැ. මෙවැනි තත්වයකදී කළයුතු නුවණට හුරු දේ නම්, ලද ඕනේම අවස්ථාවකින් රට හැර ගොස් අධ්‍යාපන හෝ තමන් කැමති රැකියාවක නිරත වීමයි.