IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඩයනාගේ නඩුව නොවැම්බර් විභාගයට

(මනෝප්‍රිය ගුණසේකර)

නිතී විරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය දැරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි අධි චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දුන් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය නොවැම්බර් 04 වැනිදා පැවැත්වීමට අද (05) නියම කළේය.

නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ අමිතා ධර්මදාස මහත්මිය කරුණු දක්වමින් සාක්ෂි ලැයිස්තුවට තවත් සාක්ෂිකරුවකු එක් කිරීමට නතීපතිවරයා තීරණය කර ඇති හෙයින් සාක්ෂි ලැයිස්තුව සංශෝධනය කිරීමට අවසර දෙන්නැයි කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසරුවරයා එලෙස නියම කළේය.

2004 ඔක්තෝම්බර් 09 වැනිදාත් 2004 දෙසැම්බර් පළමුවැනිදාත් කාලය තුළ ශ්‍රී ලාංකීය පුරවැසියකු නොවන බව දැන දැනම හා සිය නාමය ඩයනා ගමගේ ලෙස නීත්‍යානූකූලව සශෝධන කර නොතිබියදී ඩයනා ගමගේ ලෙස ජාතික හැඳුන්ම්පතක් ලබා ගැනීමට කූඨ ලේඛන ඉදිරිපත් කර පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා ඇතුළු නිළධාරීන් රැවටීම සහ අංක 4685 දරණ උප්පැන්න සහතිකය කූඨ ලෙස සෑදීමට අනුබල දීම ඇතුළු චෝදනා යටතේ නීතීපතිවරයා විත්තිකාරියට එරෙහිව චෝදනා නඟා ඇත.

නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාරිය අධිකරණයේ පෙනී සිටියාය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ අමිතා ධර්මදාස මහත්මිය කරුණු දක්වමින් මෙම නඩුවේ සාක්ෂි ලැයිස්තුවට තවත් සාක්ෂිකරුවකු එක් කිරීමට නීතීපතිවරයා තීරණය කර ඇති හෙයින් සාක්ෂි ලැයිස්තුව සංශෝධනය කිරීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියාය.

විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශානක රණසිංහ මහතා කරුණු දක්වමින් මෙම නඩුවේ නඩු භාණ්ඩයක් ලෙස නම් කර ඇති තම සේවාදායිකාවගේ උප්පැන්න සහතිකය අඩංගු මුල් ගොනුව නඩු විභාගය ආරම්භ කිරීමට පෙර පරීක්ෂා කිරීමට අවශ්‍ය වී ඇති හෙයින් ඒ සඳහා අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.

කරුණු සළකා බැලීමෙන් අනතුරුව විත්තිකාරියගේ උප්පැන්න සහතිකය අඩංගු මුල් ගොනුව මේ වන විට ඇති ස්ථානයේ සිට සතියක කාලයක් තුළ උසාවියට ඉදිරිපත් කිරීමට රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයාට නියෝග කළ විනිසුරුවරයා නඩුවට අදාලව ඇති ලේඛන වල සම්පූර්ණ ගොනුව ඉදිරි නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහාධිකරණ ලේඛාධිකාරීවරයාට නියම කළේය.

 



අදහස් (2)

ඩයනාගේ නඩුව නොවැම්බර් විභාගයට

බූන්දි Friday, 04 October 2024 05:03 PM

දැම්ම ඉඳලා බීම, පැදුරු කෑල්ලක නිදාගෙන, කොළඹ වත්තක ටැප් එකකින් මූණ හෝදලා, තැටියකින් කාලා පුරුදු වුනොත් හොඳයි. පුහුණුවේ අගේ පස්සට නැත්නම් ඉස්සරහට දැනෙයි...!

:       0       29

කුකුල් චමින්ද Saturday, 05 October 2024 11:28 AM

බූන්දි, මෙයාගේ ඉස්සරහයි, පස්සයි දෙකම තාම හොඳයි.. දැනෙන විදිහට වැඩකට ගන්න පුළුවන්... හැබැයි, මුඛය තමයි ගලි බව්සරේ වගේ ගඳ ගහන්නේ...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 705 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site