
(සුජිත් හේවාජුලිගේ)
ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.
මේ අනුව ගිනි අවි සහ ඒ සඳහා නිකුත් කර ඇති පතුරම් ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැලිසර පිහිටි රජයේ වාණිජ පුපුරන ද්‍රව්‍ය ගබඩාවට ලබන සඳුදාට (07) පෙර බාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය සියලුම බලපත්‍රලාභීන්ට දැනුම් දී ඇත.
එදිනට පෙර ගිනි අවිභාර දීමට අපොහොසත් වුවහොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
කෙසේ වෙතත් දේපළ ආරක්ෂාව වගා හානි ආරක්ෂාව හා ක්‍රීඩා කටයුතු සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කෙරුණු ගිනි අවි සඳහා මෙම නියෝගය අදාළ නොවන බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ පියවරක්. මේ වගේම බලපත්‍ර රහිත හා පාතාලයේ ඇති සියලුම ගිනි අවි රජයට බාර දෙන ලෙස නිවේදනය කළ යුතුයි. ඒ සඳහා සමා කාලයක් දිය යුතුයි. එවැනි අවි අතැති අයට සිය අනන්‍යතාව හෙළි නොකර ඒවා රජයට බාර දිය හැකි වැඩ පිළිවෙලක් සකස්කළ යුතුයි. එසේ භාර නොදෙන අවි පිළිබඳව මහජනතාවගෙන් ඔත්තු ලබාගෙන ඔත්තු දෙන්නන්ට ත්‍යාග ලබාදිය යුතුයි.
දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය අලුත් වටයකින් කළ එලි බහින්නද සූදානම...?
අලුතින් කියන්න දෙයක් නැහැ අවි බාර දෙන්න කියලා... බාර නොදෙන අවි ඔක්කොම පාතාලේ තමයි.
මගේ තුවක්කුව නම් දෙන්නේ නැහැ. බලයේ හිටපු කාලේ ගමේ මිනිස්සුන්ට පොඩි පොඩි චන්ඩි පාට් පෙන්නලා, මගේ ආරක්ෂාවට හිටපු පොලිස් කුක්කන් ලවා ඔවුන්ට හොඳට අතින් පයින් ,පොලු වලින් සැලකුවා. සමහර කොල්ලන්ව බොරු චෝදනාදාලා හිරේ ඇරියා. දැන් ඔක්කෝම ඉවරයි.. පාර්ලිමේන්තුව විසුරුව හැරියා, මගේ ඇමැතිකමත් ඉවරයි.. ගිය සුමානේ වෙනකම්ම මගෙන් කාලා බිලා හිටපු රාලහාමි කුක්කොත් මාව දාලා ආපහු පොලිසි වලට ගියා. දැන් මම තනිවෙලා.. මගේ ආරක්ෂාවට දැන් ඉන්නේ ගෙදර ටොමියා විතරයි. දැන් ඌත් නාකියි, දතුත් වැටිලා. බොරු චෝදනා දාලා හිරේ දාපු එකෙක් ලබන සුමානේ නිදහස් වෙලා එනවා.. ඌ මාව මරනවා කිය කියා දිවුරනවලු. පන්සලේ හාමුදුරුවන්ටත් මම මේ ගැන කිව්වා, ඒත් උන්වහන්සේ කියනවා " අපරාධයක් කළානම් ඒ පසු පස දඬුවමත් එනවා " කියලා. මම වැසිකිලියට යන්නෙත් මගේ තුවක්කුව අරගෙන දැන්. ඉතින් කොහොමද මගේ තුවක්කුව බාර දෙන්නේ?
තවත් මෝඩ වැඩක්. ඉස්සෙල්ලම කරන්න ඕනෑ පාතාලේ අයගේ අවි ටික එකතු කරන එක. ඊට පස්සේ තමයි ලයිශන්, තුවක්කු ගන්න ඕනෑ. දැන් පාතාලෙට අවි තියෙනවා. නීත්‍යානුකූලව අවි තියෙන්න ඕනෑ අයට අවි නෑ. පාතාලේ අය දෙපැත්තෙන්ම හිනාවේවි. අපිට නම් ඉතින් කොහොමත් එලවලු කපන පිහිය විතරක් තියෙන නිසා අවුලක් නෑ. ඔබලා මොක කර ගත්තත්...
ලයිසන් තුවක්කු අපි අරගෙන , 88-89 කාලේ අපි පාවිච්චි කරපූ ගල් කටස් ටික දෙන්නම් ! - කොහොමද ටිකිරි මොලේ !
සැටලයිට් යෝශිතට පිස්තෝල හයයි, කසිප්පු ජොනියට අටයි. රේස් පටං ගන්නකොට අහසට වෙඩිතියන්න වෙන්න ඇති..!