IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඇමෙරිකාවට පහර දෙන්න පැකිලීමක් නෑ

(විමුක්ති එස් රුද්‍රිගු)

දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පසුගියදා ප්‍රකාශ කළේය.

දකුණු කොරියාව පසුගියදා හමුදා පෙළපාලියක් පැවැත්වූ අතර එහිදී භූගත කඳවුරු විනාශ කර දැමිය හැකි "මාන්ස්ටර්" මිසයිලය කොරියානු හමුදාව ලොවට ප්‍රදර්ශනය කළේය. හමුදා පෙළපාලිය අතරතුරදී දකුණු කොරියානු ජනපති යුන් සුක් යෝල් උතුරු කොරියානු නායකයාට අනතුරු ඇඟවීමක්ද කර ඇත. උතුරු කොරියානු නායක කිම් ජොන් උන් දකුණු කොරියාවට පහරදීමට න්‍යෂ්ටික අවි භාවිත කළහොත් එය කිම් ජොන් උන් පාලනයේ අවසානය වනු ඇතැයි එහිදී ප්‍රකාශ කළේය

සතුරු බලවේගයක් උතුරු කොරියාවට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි ඇතුළුව උතුරු කොරියාව සතු සම්පූර්ණ යුද ශක්තිය භාවිත කරමින් එම සතුරු බලවේගය පරාජය කිරීමට පසුබට නොවන බව එම අනතුරු ඇඟවීමට පිළිතුරු දෙමින් උතුරු කොරියානු නායකයා පැවැසුවේය.

 



අදහස් (5)

ඇමෙරිකාවට පහර දෙන්න පැකිලීමක් නෑ

R.T.sarath Friday, 04 October 2024 12:18 PM

අනේ පලයන් යන්න ඒකාධිපති , රටේ මිනිස්සු හාමතේ ඉන්න කොට උඹ ඇමරිකාවට ගහන්න යන්න කතාවෙනවා , වැඩි කල් යන්න ඉස්සරවෙලා උඹේ රටේ මිනිස්සු එකතුවෙලා උඹට ගහල එලවල දමන බව සිතට ගනින්

:       30       44

IshanSaturday, 05 October 2024 12:44 AM

උතුරු කොරියානු වැසියෝ කිසිම දිනක කිම් ජොන්ගේ පාලනයට විරුද්ධ වෙන්නේ නැහැ. ඔවුන්ගේ අධ්‍යාපන විෂය නිර්දේශය සකස් වී ඇති ආකාරය හොයලා බලන්න, එතකොට හේතුව තේරේවි. උතුරු කොරියානු පාලනයට විරුද්ධ වන පුද්ගලයින් හමු වන්නේ ඉතාම කලාතුරකින්, එවැනි පුද්ගලයින්ට බටහිර මාධ්‍ය සහ රජයන් මගින් සුවිශේෂී තැනක් ලබා දෙන්නෙත් මෙම හිඟකම නිසයි. අපිව ආගම් මගින් පාලනය කරන තියරියටම උතුරු කොරියානු කිම් ජොන් රෙජිමය අධ්‍යාපනය මගින් එරට ජනතාව පාලනය කරනවා...

:       1       0

බකල ජයා Friday, 04 October 2024 03:24 PM

20 වෙනි සියවසේ ජීවිතේට බඩගිනිවෙලා වගේ ....

:       10       16

පිටිගල මිලානෝ Friday, 04 October 2024 04:14 PM

පලයං යන්න…

:       9       12

Madusanka Friday, 04 October 2024 06:17 PM

රූපය දැක්කාම හරියට චීන ඌරෙක් වගෙයි මට පේන්නේ...!

:       12       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 705 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site