IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඇමරිකාව ඉරාන තෙල් පිරිපහදුවට බැට දෙන්න යයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාන තෙල් පිරිපහදුවලට පහර දීම පිළිබඳව සාකච්ඡා කළ බවත් කෙසේ වෙතත් එම ප්‍රහාරය ඊයේ (03) එල්ල නොවෙනු ඇති බවත් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

ඊශ්‍රායලය ඉරාන තෙල් පිරිපහදුවලට පහර දීම අනුමත කරනවාද යැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමෙරිකා ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

ජනපති බයිඩන්ගේ මෙම ප්‍රකාශයත් සමග ලෝක බොරතෙල් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල සියයට 5 ක ප්‍රතිශතයකින් අද(03) ඉහළ ගියේය. මෑතකදී ඇමෙරිකාව ලබාදුන් උපදෙස්වලට ඊශ්‍රායල වැඩි අවධානයක් යොමු නොකළත් ඉරානයට එල්ල කරන ප්‍රහාරය හදිසියේ සිදු නොකරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ජනපතිවරයා ප්‍රකාශ කළේය.

ඇමෙරිකාව ඊශ්‍රායලයට උපදෙස් ලබාදීම පමණක් සිදුකරන බවද ඔහු පැවැසුවේය. ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්‌ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලයට සහාය ලබා නොදෙන බව ජනපති බයිඩන් ඊයේ(02) ප්‍රකාශ කළේය.

බොරතෙල් මිල ඉහළ යාම ඉදිරියේදී පැවැත්වෙන ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී උප ජනාධිපති හැරිස්ට අවාසියක් විය හැකි බවද දේශපාලන විචාරකයෝ පැවැසූහ.



අදහස් (4)

ඇමරිකාව ඉරාන තෙල් පිරිපහදුවට බැට දෙන්න යයි

Perera Friday, 04 October 2024 10:14 AM

ඇමරිකාවටත් අනුන්ගේ දෙවල් වලට ඇඟිලි නොගහා ඉන්න බැරි හැටි

:       6       62

Rohana Friday, 04 October 2024 04:40 PM

බයිඩන්කාරයා ඉරාන තෙල් පිරිපහදුවට ගහලා යුද්ධය අවුලුවන්න හදනවා. මේවාට UN එක කිසි විරෝධයක් දක්වන්නේ නෑ. UN එක ඇමරිකාවට ඉහළින් යන්නේ නෑ...

:       1       11

Deepal Nirosh Friday, 04 October 2024 08:45 PM

අනේ කෝ අපේ මේ මානව අයිතිවාසිකම් හිමිකාරතුමිය? දැන් එ.ජා.සං. ඉවත් වෙලාවත්ද...?

:       0       0

Chamara Saturday, 05 October 2024 02:57 AM

ඉන්දියාව ප්‍රධාන ඉරාන තෙල් ගැනුම්කරුවෙක්. ඉන්දියාව මේකටම ඉරනයෙ වරායකුත් හදනවා. ඇමරිකාව ඉරාන තෙල් පිරිපහදු වලට පහර දෙන්න ඉශ්‍රායලේට උදව් කරන එකට ඉන්දියාව නිකම් ඉන්න එකක් නෑ

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 357 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site