(අජිත්ලාල් ශාන්තඋදය)
ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා රත්නපුර ඡන්ද කොට්ඨාසයට තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව රත්නපුර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී වසන්ත ගුණරත්න මහතා අද(04) සවස පැවසීය.
රත්නපුර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් සුරංග අඹගහතැන්න මහතාගේ අධීක්‍ෂණය යටතේ රත්නපුර නව නගරයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ මෙම ඇප මුදල් බාරගැනිම සිදු කෙරෙයි.
රත්නපුර ඡන්ද කොට්ඨාසය ඡන්ද ප්‍රදේශ අටකින් යුක්තය. රත්නපුර, කොළොන්න, පැල්මඩුල්ල, රක්වාන, බළන්ගොඩ, නිවිතිගල, කලවාන සහ ඇහැළියගොඩ එම ඡන්ද ප්‍රදේශයි.
රත්නපුර ඡන්ද කොට්ඨාසයේ 2024 ඡන්ද ලැයිස්තුව අනුව ඡන්ද දායකයින්ගෙ සංඛ්‍යාව 923736කි.
රත්නපුර ඡන්දකොට්ඨාසයට සමානුපාතිකව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එකොළහක් තෝරා ගැනිමට නියමිතය. අපේක්‍ෂක ලැයිස්තුවකට දා හතර දෙනෙකුගේ නම් අවශ්‍ය වේ.
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
705
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රත්නපුර ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි