වැස්ස ඉදිරියට වැඩි වෙන හැඩ ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක් අද සිට ඉදිරි දින කිපයේ බලාපොරොත්තුවන බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 18 May 2024
ඩිනාරා ආසියාවේ ප්‍රබලයන් අතරට ෆෝබ්ස් සඟරාව නවවැනි වරටත් පසුගියදා ප්‍රකාශයට පත් කළ ’’30 අන්ඩර් 30 ඒෂියා’’ ලැයිස්තුවට ඇතුළුවීමට ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක සහ චිත්‍රපට නිෂ්පාදිකාවක වන ඩිනාරා පුංචිහේවා මහත්මිය සමත් වූවාය. 18 May 2024
හමුදා සෙබළාට සමාව දුන්නාට ප්‍රකාශයක් දෙන්නැයි ගෝඨාට දන්වයි යාපනය, මිරිසුවිල් ප්‍රදේශයේ දී අවුරුදු පහක කුඩා දරුවකු ඇතුළු අවතැන්ව සිටි සිවිල් වැසියන් අටදෙනෙකු කපා කොටා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළ යුධ හමුදා සැරයන් සුනිල් රත්නායක නමැත්තාට ජනාධිපති සමාව දී නිදහස් කිරීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වන ලෙස නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද නොතීසි නිකුත් කළේය. 17 May 2024
ප්‍රසිද්ධියේ සමාව ගන්නැයි මානව හිමිකම් සංවිධානය ලංකාවට කියයි දශක ගණනාවක් පුරාවට සිදුවූ අතුරුදන් කිරීම්වලට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සහ ඊට අනුබද්ධ පැරාමිලිටරි කණ්ඩායම්වල මැදිහත්වීම පිළිගන්නා ලෙසත්, ඒ පිළිබඳ පොදුවේ සමාව ඉල්ලා සිටින ලෙසත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය වාර්තාවක් නිකුත් කරමින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේය. 17 May 2024
හොර වෙද්දු ගැන කියන්න අංකයක් නීති විරෝධී ව්‍යාජ වෛද්‍යවරුන් පිළිබඳව දැනුම් දීම සඳහා ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ 17 May 2024
ඉලක්කයට වෙඩි තියන්න ගිය පී.සී.වැවේ ගිලේ ඉලක්කයට වෙඩි තැබීම සඳහා පුහුණුවට හුළුගල්ලේ පොලිස් වෙඩි පිටියට ගිය පොලිස් කොස්තාපල්වරයකු නිකවැරටිය මාගල්ලේගම වැවේ නාමින් සිටියදී සිහිසුන්ව දියේ ගිලී සිටියදී නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇතැයි නිකවැරැටිය මූලස්ථාන පොලිසිය පවසයි. 17 May 2024
ක්‍රිකට් තවත් කළමනාකරුවෙකුට අධි චෝදනා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති ’’ලෙජන්ට් ට්‍රොපි 2024’’ ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවා දීමට විදේශීය ක්‍රීඩකයින්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්‍රිකට් කළමනාකාර පෙචලෝඩියා ආකාශ් සැකකරුට එරෙහිව මහනුවර මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරන බව ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ ඒකකය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කරුණු දක්වමින් අද (17) පැවසීය. 17 May 2024
ඇල්ල වැල්ලවාය මාර්ගය තාවකාලිකව වහයි කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයෙන් ඇල්ල - වැල්ලවාය මාර්ගයට රොම්මඩ සහිත ජලය ගලා ඒම වර්ධනය වී ඇති නිසා එම මාර්ගය අද 17 රාත්‍රී අටේ සිට හෙට අලුයම හය දක්වා වසා තැබීමට තීරණය කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. 17 May 2024
චන්ද්‍රිකා ඉන්දුනීසියාවට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉන්දුනීසියාවේ බාලි නුවර පැවැත්වෙන ලෝක ජල සමුළුවේ දෙසුමක් පැවැත්වීමට නියමිතය. 17 May 2024
රාජ්‍ය සේවක වැඩ ගැන සමීක්ෂණයක් අවශ්‍යයි දූෂණ වංචා අවම කිරීම වෙනුවෙන් තාක්ෂණය සහ මාර්ගස්ථ ක්‍රම මඟින් ගනුදෙනු සිදු කරන සාර්ථක වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන බව විවෘත හා වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතා පැවසීය. 17 May 2024
තායිවාන පාර්ලිමේන්තුවේ ගුටි කෙළියක් ව්‍යස්ථාදායක බහුතරය නොමැතිව තායිවාන ජනාධිපති ධුරය බාර ගැනීමට ලායි චින්ග් ටේ සූදානම් වෙද්දී එරට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ පිළිබඳව ඇතිවූ මතභේදාත්මක තත්වයක් හේතුවෙන් මන්ත්‍රීවරුන් කෑ ගසමින්, එකිනෙකා තල්ලු කර ගනිමින් සහ එකිනෙකාට පහර දෙමින් කලහකාරී ලෙස හැසිරී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. 17 May 2024
‘‘බැසිල්ගේ ඉල්ලීමට ජනපතිගෙන් ප්‍රතිචාරයක් නැතිලු‘‘ ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පවත්වන්නැයි කළ ඉල්ලීමට ජනාධිපතිවරයා නිශ්චිත ප්‍රතිචාරයක් නොදැක්වූ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසයි. 17 May 2024
රණවිරු සැමරුමට රථවාහන සැලැස්මක් 15 වැනි රණවිරු දින සැමරුම් උත්සවය සැමරීම හේතුවෙන් අනිද්දා (19) පස්වරු 3.00 ට පොල්දූව හන්දිය, කියැන්හෑම් හන්දියෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුල්වීමේ මංතීරුව, පිටවීමේ වසා තැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවැසීය. 17 May 2024
මැතිවරණ කොමිසමෙන් අගමැතිට ඉල්ලීමක් පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමෙන් පළාත් පාලන අපේක්ෂකයන්ගේ ගැටලුව විසඳෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාට දැනුම්දි ඇත. 17 May 2024
ජනපති ත්‍රීරෝද රියට බහී කෘත්‍රීම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණය සමඟ මෙරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සිදු කිරීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 17 May 2024
පොලොන්නරු ගොවියාට කෝටි 10ක කුඩු තැපෑලෙන් ඇවිත් රුපියල් කෝටි දහයකට ආසන්න වටිනාකමක් සහිත මෙතැම්පටමයින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක්, පුලියක සගවා ලතින් ඇමෙරිකාවේ ගෝතමාළා රාජ්‍යයේ සිට කටුනායක, සීදුව කළම්බු කාර්ගෝ බන්ධිත ගුදම් ගබඩා සංකීර්ණය වෙත කූරියර් පාර්සල් සේවය ඔස්සේ ගුවන් තැපැල් මගින් එවා තිබිය දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (17) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. 17 May 2024
හදිසියට ගෙනා බෙහෙත් තිස් අටෙන් දහයක්ම වැඩකට නැති ඒවා උග්‍ර වෛද්‍ය සැපයුම් හිඟයක් නිර්මාණය වන බව පවසමින් වෛද්‍ය සැපයුම් අංශය සැවොරයිට් සමාගමට ඇණවුම් ඉදිරිපත් කර ඇති ඖෂධ තිස් අටෙන් දහයක්ම අත්‍යවශ්‍ය ඖෂධ නොවන බව ජාතික විගණන කාර්යාලය පවසයි. 17 May 2024
විධායක කමිටු අනුමැතිය දෙන්න එකඟ නිර්දේශ ක්‍රියාත්මක කරන්න දෙවැනි සමාලෝචනයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විධායක කමිටුවේ අනුමැතිය ලබා දීම සඳහා ශ්‍රී ලංකාව කරුණු දෙකක් සම්පූර්ණ කළ යුතු බව එම අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂිකා ජුලී කොසැක් මහත්මිය ප්‍රකාශ කළාය. 17 May 2024
රතුපස්වල නඩුවෙන් හිටපු මේජර් ඇතුළු 4ක් නිදොස්කොට නිදහස් වැලිවේරිය නගරයේදී රතුපස්වල ජනතාව පැවැත්වූ විරෝධතාවක් අතරතුර වෙඩි වැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියයාමේ සිද්ධියට සම්බන්ධ නඩුවෙන් හිටපු හමුදා මේජර් ජෙනරාල්වරයෙකු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු නිදොස්කොට නිදහස් කිරීමට ගම්පහ මහාධිකරණය අද (17) නියෝග කළේය. 17 May 2024
කරදගොල්ල නායයාම යළි සක්‍රීය වෙයි වර්ෂාවත් සමඟ ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නායයාම දැඩි ලෙස සක්‍රිය වෙමින් පවතින අතර මේ වන විටත් එහි පස්තට්ටු , මඩ සමග බොරදිය ජලපහරක් ඇල්ල වැල්ලවාය මාර්ගය ඔස්සේ ගලායමින් පවතින හෙයින් ඇල්ල වැල්ලවාය මාර්ගයට දැඩි අවදානම් තත්ත්වයක් උදා වී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා අද (17) පැවසීය. 17 May 2024
යුක්රේන යුද්ධයට දේශපාලන විසඳුමක් ඕනෑ යුක්රේනය යුද්ධය නවත්වා, දේශපාලන විසඳුමකට යන්නැයි චීන ජනාධිපති ෂී ජින්පින්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් ඉල්ලීමක් කළේය. ඒ, චීනයේ දෙදින නිල සංචාරයක යෙදෙන රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡා කරමිණි. 17 May 2024
කෝටි 5ක ජංගම දුරකතන ගුවන්තොටෙන් පන්නන්න බැරිවෙයි නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර , තීරු බදු නොගෙවා ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් කෝටි පහක් පමණ වටිනා නවීන ජංගම දුරකථන තොගයක් සහ පෙන් ඩ්‍රයිව් තොගයක් සමග ඒවා ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් අද (17) අලුයම අත් අඩංගුවට ගෙන තිබේ . 17 May 2024
‘නොවිය යුතු දෙයක් මා අතින් වුණා‘ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් එදා ’’තමන් අතින් නොවියුතු දෙයක් සිදු වු බව ’’ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැවසීය . 17 May 2024
අඹදන්ඩේගම නායයෑමෙන් පිටවෙලපතන මාර්ගයට හානි බණ්ඩාරවෙල අඹදන්ඩේගම ප්‍රදේශයේ අද (17) අලුයම සිදු වූ නායයාමකින් අඹදන්ඩේගම පිටවෙලපතන මාර්ගය ට හානි වී නිවසකට අලාභ හානි සිදුවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා පවසයි. 17 May 2024
එල්.පී.එල්. වෙන්දේසියට කෝටි 75 ක් රැගෙන එති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ (2024) මෙවර ක්‍රීඩක වෙන්දේසියේ කණ්ඩායම් හිමිකරුවන් ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක් හෙවත් රුපියල් කෝටි 75 කට අධික මුදලක් වැයකිරීමට නියමිත බව එම තරගාවලියේ ප්‍රධානී සමන්ත දොඩන්වල මහතා අද (17) පැවසීය. 17 May 2024
හිටපු යුද හමුදාපති සජබට එක්වෙයි හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය හා එක්විය. 17 May 2024
කැලිෆෝනියා නගරයක් විකිණීමට ඇත ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඓතිහාසික නගරයක් වන කැම්පෝ අලෙවි කිරීම සඳහා ලැයිස්තුගත කර තිබෙන බවත් නගරයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 6.6 ක් බවත් ටොප් ගන් සී.ආර්.ඊ දේපළ වෙළඳාම් සමාගම ප්‍රකාශ කළේය. 17 May 2024
රෆා නගරයට පහර දීම නවත්වන්නැයි බල කරයි රෆා නගරයට පහරදීම නවත්වන ලෙසටත් ගාසා තීරයේ සිදුකරන හමුදා මෙහෙයුම අත් හිටුවන ලෙසටත් ජාත්‍යන්තර විමර්ශකයින්ට සහ මාධ්‍යවේදීන්ට ගාසා තීරයට ප්‍රවිෂ්ඨ වීමට ඉඩ ලබා දෙන ලෙසටත් බල කරමින් නියෝගයක් නිකුත් කරන්නැයි දකුණු අප්‍රිකානු නීතිඥයන් පිරිසක් ජාත්‍යන්තර අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. 17 May 2024
සචිත්රගේ හඬෙහි වාර්තාව ඉල්ලා රස පරීක්ෂකට සිහි කැඳවීමක් ලංකා ප්‍රීමියර් ලීග් (LPL)2020 ක්‍රිකට් තරඟාවලිය මුදලට පාවා දුන්නේ යැයි කියන ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායකගේ කට හඩ පරීක්ෂණය සම්බන්ධයෙන් වෙන විශේෂඥ වාර්තාව ඉදිරිපත් කරන්නයි රජයේ රස පරීක්ෂකවරයාට සීහි කැඳවීමේ ලිපියක් යොමු කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (17) නියෝග කළේය . 17 May 2024
යතුරුපැදියක් මතට ගසක් කඩා වැටී කොස්තාපල්වරු දෙන්නා රෝහලේ පොලිස් රථවාහන අංශයේ සැරයන්වරුන් දෙදෙනෙකු ගමන් කළ යතුරු පැදියක් මතට විශාල ප්‍රමාණයේ මාර ගසක් කඩා වැටීමෙන් එහි ගමන් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බව අනුරාධපුර කොට්ඨාස රථ වාහන අංශය පවසයි . 17 May 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026