IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පාලන මිලට බැරිනම් සහල් අලෙවිය වර්ජනය කරනවා

 (මොහොමඩ්  ආසික්)

පාලන මිලට සහල් අලෙවි කළ නොහැකි නම් සහල් අලෙවිය වර්ජනය කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා අත්‍යාවශ්‍ය ආහාර තොග සහ සිල්ලර වෙළඳ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ඩබ්ලිව්.එම්.නජීම් මහතා මේ බව සඳහන් කළේ මහනුවර මඩවලදී   පැවැති මහනුවර දිස්ත්‍රික් අත්‍යාවශ්‍ය ආහාර තොග සහ සිල්ලරවෙළඳ සංගමයේ මංගල රැස්වීම අමතමිනි.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ , සහල් සඳහා රුපියල් 220 ක පාලන මිලක් නියම කර තිබුණද ව්‍යාපාරිකයින්ට එම මිළට අලෙවි කළ හැකි මිලකට සහල් නොලැබෙන බවයි.

බොහෝ අවස්ථාවල  සහල් කිලෝව රුපියල් 230 කට ලබා දී රුපියල් 220 කට අලෙවි කරන ලෙස දන්වන නමුත් එම මිළට අලෙවි කිරිමට කිසි සේත් නොහැකි බවයි. 

ඇතැම් ව්‍යාපාරිකයින් පාලන මිළ පවතිද්දී වුවත් රුපියල් 230 කට ලැබෙන සහල් 235 කට හෝ 240 කට අලෙවි  කළොත් වැඩි මිළට අලෙවි කිරීමේ  චෝදනාව පිට පාරිභෝගික අධිකාරිය වැටලීම් සිදු කරන බවත් ජනතාව  කළු  කඩකාරයින් ලෙස චෝදනා කරන බවත් සඳහන් කරන ඒ මහතා මෙම ගැටළුව විසඳෙන තෙක් සහල් අලෙවි කිරිම වර්ජනය කිරීමට තම සංගමය  කටයුතු කරන බවත්ය.

සහල් මල්ලේ රුපියල් 220 ක් ලෙස සටහන් කර තිබියදී පාරිභෝගිකයාට රුපියල් 235 කට හෝ 240 කට විකිණිම සාධාරණ නොවන බවද ඒ මහතා මෙහිදී කීය. 

මහනුවර දිස්ත්‍රික් අත්‍යාවශ්‍ය ආහාර  තොග සහ සිල්ලර වෙළද සංගමයේ මංගල රැස්වීමේ අවස්ථාවට සමස්ත ලංකා අත්‍යාවශ්‍ය ආහාර තොග සහ සිල්ලර වෙළද සංගමයේ භාණ්ඩාගාරික , උප සභාපතිඇතුළු නිලධාරින් පිරිසක්ද එක්ව සිටියහ.

 



අදහස් (1)

පාලන මිලට බැරිනම් සහල් අලෙවිය වර්ජනය කරනවා

අමල් Monday, 14 October 2024 03:07 PM

කෝ අපේ නාමල් කරුණාරත්න ගොවි චන්ඩියා, පොර හැංගිලා ඉන්න තැන හොයාගන්නත් මාලිමාවක් ඕනේ.

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 54 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site