හොරණ වෙඩික්කරු කොට්ටාවේදී කොටුවෙයි හොරණ ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ දී පසුගිය 5 වැනිදා ව්‍යාපාරිකයෙකුට වෙඩිතැබීම සිදුකළ වෙඩික්කරු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි. 20 May 2024
අහසින් ඇවිත් පලිබෝධනාශක ඉසීම අරඹයි මෙවර යල කන්නයේ දී දිස්ත්‍රික්ක 15ක වී වගාවේ පළිබෝධ නාශක ඉසීම ඩ්‍රෝන තාක්ෂණය යොදාගනිමින් සිදු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 20 May 2024
මහනාහිමිවරු ඥානසාර හිමිට නිදහස ඉල්ලති ගලගොඩඅත්තේ ඥානසාරහිමිට ජනාධිපති සමාව ලබා දෙන්නැයි ඉල්ලා තෛයිනිකායික මහනාහිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබේ. 20 May 2024
ඉරාන ජනපති - විදෙස් ඇමැති මරුට ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු හෙලිකොප්ටර් අනතුරින් මියගිය බව ඉරාන විදේශ අමත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය. 20 May 2024
සුන්බුන් හමුවෙයි ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි, ඉරාන විදේශ ඇමැති සහ පිරිස ගමන් කරමින් සිටිද්දී කඩා වැටුණු හෙලිකොප්ටර් යානයේ සුන්බුන් හමුවුණු බව, දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු කරන ඉරාන රතු අඩකව සංවිධානය පවසයි. 20 May 2024
ඇමෙරිකාව නිහඩයි ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි රැගත් හෙලිකොප්ටරය අතුරුදන් වීම සම්බන්ධයෙන් ඇමෙරිකාව නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පෙනෙයි. 20 May 2024
ඉරාන ජනපති සොයන්න රුසියාව එක් වෙයි කඩා වැටෙන්න ඇතැයි සැක කරන ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පිරිස රැගත් හෙලිකොප්ටර් යානය සෙවිමේ මෛහයුම්වලට රුසියාව ද සම්බන්ධ වී සිටී. 20 May 2024
උප පොලිස් පරීක්ෂක කසිප්පු පෙරලා නීති විරෝධී මත්පැන් හා පෙරීමෙි උපකරණ ළඟ තබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව තිරප්පනේ පොලීසිය කියයි. 20 May 2024
බීඩිකොළ සමඟ ලොරිය පැහැරගත් පොලීසියේ දෙන්නෙක් මාට්ටු පුත්තලම නගරයේදී දී රුපියල් කෝටි දෙකකට අධික බිඩි කොළ තොගයක් සමඟ ලොරි රථයක් පැහැර ගැනිමේ සිද්දියකට සම්බන්ධ පොලිස් සැරයන්වරයකු හා කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි. 20 May 2024
කඩා වැටුණු හෙලිකොප්ටරයේ සුන්බුන් හමුවෙලා ? අතුරුදන් වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ගමන් කළ හෙලිකොප්ටරයේ සුන්බුන් සොයා ගැනීමට, සෝදිසි මෙහෙයුම් සිදු කරන නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් සමත් වූ බව විදෙස් මාධ්‍ය පවසයි. 20 May 2024
මෝසම් වැසි සක්‍රියවේ:පළාත් රැසකට තද වැසි නිරිතදිග මෝසම් තත්වය දිවයිනට හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තව දුරටත් බලාපොරෝත්තු වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 20 May 2024
පාසල් නව වාරය අද සිට රජයේ සහ රජයේ අනුමත පාසල්වල මෙම වසරේ (2024) පළමු පාසල් වාරයේ තෙවැනි අදියර අද (20 වැනිදා) ආරම්භ වේ. 20 May 2024
මත්පැන් සමාගම්වලින් තවමත් රජයට කෝටි 700ක් පොලු මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් රජයට තවත් රුපියල් කෝටි 700ක පමණ සුරාබදු ආදායමක් ලැබීමට නියමිතව ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 20 May 2024
සීඅයිඩිය ඩයනා පස්සේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව එල්ල වී ඇති අපරාධමය කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසත් ඇයට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත. 20 May 2024
කොටින්ගේ රත්රන් සෙවූ නාවික හමුදා කමාන්ඩර් දැලේ එල්ටී.ටී.ඊ. සංවිධානය පසුගිය යුද සමයේ වළදමා අතැයි සැලකෙන රන් සහ මුදල් තොගයක් සොයා පොළොව අභ්‍යන්තරයේ ඇති වස්තූන් නිරීක්ෂණය කළ හැකි ස්කෑන් යන්ත්‍රයක් යොදා ගනිමින් මන්නාරම ,පේසාලේ මුරුගන් කෝවිල ආසන්නයේ කැලෑ ප්‍රදේශයක කැණීම් සිදුකරමින් සිටියේ යැයි කියන නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරයකු ඇතුළු සිවු දෙනෙක් මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සවස අත්අඩංගුවට ගනු ලැබූහ. 19 May 2024
රණවිරු සැමරුම් උළෙලින් තිස්වසරක් මෙරට ලෙයින් නෑවූ කුරිරු එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කරමින් ශ්‍රී ලංකාව මාතාවට නිදහස ගෙන ඒම සඳහා දිවිපිදූ රණවරුවන් සැමරීමේ ‘15 වැනි ජාතික රණවිරු සැමරුම් උත්සවය’ බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අසළදී අද (19) පස්වරුවේ පැවැත්විණි. 19 May 2024
ඉරාන ජනපති: විදෙස් ඇමැති අතුරුදන් ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් ගමන් කළ හෙලිකොප්ටර් යානය අනතුරට පත් විය. යානයේ දෝෂයක් හට ගත් බැවින් එය හදිසියේ ගොඩබෑමට නියමුවන් උත්සමාහ කළ අවස්ථාවේදී එය අනතුරට පත් වුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය. යානය කඩා වැටෙන්න ඇතැයි සැක කෙරේ. 19 May 2024
පුත්තලමෙ පාසල් හෙටත් නිවාඩු පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ පුත්තලම දිස්ත්‍රික්කයෙ සියලුම පාසල් හෙට (20) දින විවෘත නොකරන බව වයඹ ආණ්ඩුකාර නසිර් අහමඩ් මහතා වයඹ අධ්‍යාපන බළධාරීන්ට උපදෙස් දුන්නේය. 19 May 2024
ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපසු ගනී ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබූ ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රය ආගමන විගමන දෙපාර්තමේන්තුවට භාර දුන් බව ආගමන විගණන පාලක ජනරාල් හර්ෂ ඉලූක්පිටිය මහතා පවසයි. 19 May 2024
ඉරාන තානාපතිට පහරදුන් ව්‍යාපාරිකයා රිමාන්ඩ් ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොශ් මහතාට පහරදීමේ චෝදනාව මත අත් අඩංගුවට ගනු නැමැත්තා හෙට (20) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා අද (19) නියෝග කළේය. 19 May 2024
සෞදි රජුට හොඳට උණ සෞදියේ සල්මාන් රජු අසනීප තත්ත්වයකින් පසුවෙයි. රජුට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් පවසන්නේ, රජු දැඩි උණ රෝගී තත්ත්වයකින් පසුවන බවත්, හන්දි වේදනා සහ මස්පිඩ්ර වේදනා සෙසු රෝග ලක්ෂණ බවත්ය. 19 May 2024
‘‘මැතිවරණය කුමක් දැයි අපට අදාල නෑ‘‘ ප්‍රථමයෙන් පවත්වන්නේ ජනාධිපතිවරණයද? මහ මැතිවරණය ද? යන්න කුමක් වුවත් ඒ දෙකටම මුහුණ දීමට ජාතික ජනබල වේගය සූදානම් යැයි එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා මහරගමදී පැවසීය. 19 May 2024
පුත්තලම යටවේ මහ වැසිත් සමග පුත්තලම දිස්ත්‍රික්කයට බලපා ඇති ගංවතුර තත්වය හේතුවෙන් පවුල් 5000 ක පුද්ගයන් 19128 ක සාමාජීක පිරිසක් පිඩාවට පත්ව ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි. 19 May 2024
ආර්ථික පරිවර්තන පනත 22 මැතිසබයට ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ලබන 22 වැනිදා ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත. 19 May 2024
කිරිඇල්ල කියන නොසන්ඩාලයා කවුද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් සම්බන්ධවූ මන්ත්‍රීවරුන් අතර සමග ජන බලවේගයේ සමගියට බාධා කරන කිසිම හැදියාවක් නැති නොසන්ඩාල කඩාකප්පල්කාරීන්ද සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහනුවරදී දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 19 May 2024
අගමැති සුනාක් චාල්ස් රජුත් පරදයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් සහ ඔහුගේ බිරිඳ අක්ෂාටා මුර්ති තෙවැනි චාල්ස් රජුටත් වඩා ධනවත් බව එරට සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය. 19 May 2024
විවාදයට සජබ දින දෙයි සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදය සඳහා දින ලබාදීමට සමගි ජන බලවේගය පියවර ගෙන තිබේ. 19 May 2024
ඉරාන තානාපතිට පහරදීමක් ඉරාන තානාපති ආචාර්ය ඩෙල්ක්‍රොෂ් (A Delkhosh) මහතාට පහරදී , අනතුරකට ලක්කළ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි. 19 May 2024
සැකකරු කොස්තාපල්ගේ මූණ හපාකාලා පොලිස් සිරමැදියේ රදවා සිටි සැකකරුවකු ඉන් පිටතට ගෙන ප්‍රකාශයක් සටහන් කරගැනීමට යාමේදී සැකකරු විසින් එහි සිටි කොස්තාපල්වරයකුගේ බෙල්ල මිරිකා කම්මුල සපා කෑම හේතුවෙන් කොස්තාපල්වරයා තුවාල ලබා මොනරාගල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි මොනරාගල පොලිසිය පවසයි. 19 May 2024
ජනපති ඊලොන් මස්ක් හමු වෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝකප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක් (Elon Musk) මහතා අතර හමුවක් ඉන්දුනීසියාවේ බාලි නුවරදී අද(19)පැවැත්විණි. 19 May 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026