
(අංජුල මහික වීරරත්න)
77 වන නිදහස් දින සමරු උත්සවය සංවිධාන කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025-02-04 වැනි දිනට යෙදෙන 77 වන නිදහස් දින සමරු උළෙල පැවැත්වීමට අදාළව අවශ්‍ය මග පෙන්වීම සහ අධීක්ෂණ කටයුතු සඳහා ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍යවරියගේ සහ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් යුත් අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කිරීමටත්, නිදහස් දින සමරු උළෙල අභිමානවත් ලෙස සංවිධානය කිරීමට හැකි වන පරිදි අදාළ වන්නා වූ සියලුම අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඇතුළු සියලුම ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් මෙහෙයුම් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබිණි.
අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු. පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය මෙම යෝජනාව ඉදිරිපත් කළේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවර ඉතා අඩු මුදලක් වැය කරමින් නිදහස් උත්සවය පැවැත්විය හැකිවෙයි. කලින් වියදම් කළ මුදල මෙන් හතරෙන් එකක් විතර...!
කොහොම වුණත් රටේ අභිමානවත් නිදහස් උළෙල සාරවත් අන්දමට පැවැත්විය යුතු වෙනවා...!
අනිවාර්යයෙන්ම සැමරිය යුතු උත්සවයක් . අනවශ්‍ය වියදම් අඩු කර එම මුදල් මහජන සුභ සිද්ධියට යොදවමු