
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (17) විශේෂ ප්‍රකාශයක් කරනු ලබයි.
ජනාධිපතිවරණයෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන පළමු අවස්ථාව මෙයයි.
රනිල් වික්‍රමසිංහ මහතා මෙම විශේෂ ප්‍රකාශය කරමින් රටේ දේශපාලන හැසිරීම් මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් හෙලිදරව් කිරීමට නියමිතව ඇත.
වික්‍රමසිංහ මහතා ඉදිරි මැතිවරණයට තරඟ නොකිරීමට මෙන්ම ජාතික ලැයිස්තුවෙන් ද පාර්ලිමේන්තුවට නොපැමිණීමට තීරණය කර ඇති අතර ගෑස් සිලින්ඩරය ලකුණින් මහ මැතිවරණයට ඉදිරිපත් වන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සඳහා නායකත්වය ලබා දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උගුලේ හිර කරලා දැන් පොර ටෝක් දෙන්න එයි "අනුර කුමාර ජනාධිපතිතුමාත් මගේ වැඩ සටහන ඉදිරියට ගෙනියනවා" කියලා අපතයා...
කවුද රනිල් කියන්නේ ?
අනේ ඔහේගෙ සැලසුම. සජියගෙන් පලිගන්න තමුනුත් පරාද වෙලා, එජාපෙත් නැත්තටම නැති කරලා, කිසිම වැඩක් කරල නැති ජෙප්පොන්ව උඩින්ම තියලා මුළු රටම කාල බෝම්බෙකට අහු කලා.
විශේෂයෙන්ම කියන්ඩ ඕනේ. දැන් ඉතින් විවේක සුවයෙන් ගෙදරෙට වෙලා ඉන්න නිකන් තවත් පවු නොදී.
දැන් ඉතිං මොනවා කිව්වත් අපිට විශ්වාසයක් නෑ.
ඔබතුමා කතාකලා, වැඩකලා හොඳටම ඇති. දෙයියන්ගේ නාමෙන් පැත්තකට වෙලා ඉන්න. හැම ගුවන් කාලෙටම අපිට ටොම් සහ ජෙරී කාටූන් එක දාන්න අපිට පොඩි විනෝදයක් ලබන්න.
විශ්‍රාම යනවා කියලා කියන්නද යන්නේ?
පුලුවන් නම් සජිත් ළමයට ආයෙමත් අවවාදයක් දෙන්න. අර ඩීල් කියල හිතලුවක් මවාගෙන අන්තිම දවස්වල කියව කියව ගිය මිසක් තමන්ගෙ ඉදිරි දැක්ම කිව්වෙ නැහැ.
ඔන්න වැල් පාලම ගැන එහෙම කියනවා නෙමෙයි හොදේ. දරුවා ගැන අහලම දැන් ඇතිවෙලා.
මහේන්ද්‍රන්ව ඇල්ලුවානේ බය වෙලා.. මුත්‍රාත් පිටවෙලා වගෙයි..
“මම අද සිට දේශපාලනයෙන් සමුගන්නවා”. ඒ සුන්දර වචන පහ අහන්න අපි පුල පුලා (අසාවෙන්) බලා සිටිනවා.
කිරිකෝඩු සජියාව ගොඩදාලා දෙන්න පව් නිතරම හා ගන්නවා...
ඔබතුමා පක්ෂයටයි, පාක්ෂිකයාටයි අවුරුදු 30ක් ද්‍රෝහිවෙලා, ඇදලා දාන්න පුළුවන් දරුණුම ප්‍රපාතයට ඇද දමලා විලිලැජ්ජාවක් නැතුව තව එනවාද කථාකරන්න.? රටට බොහෝ වැඩකළ ප්‍රතාපවත් කෘතහස්ත නායකයින් සිටි පක්ෂය නැත්තටම නැතිකළා. අවු 30ක් UNP කාරයෝ පවුගෙව්වා. දැන් සැනසිල්ලේ සුසුම් හෙලන්න පුළුවන් වේවි...
ඉස්සෙල්ලාම ඕක සාගලට කියලා ඉන්නවාද?
අපිට ඔහෙගේ ගොංකතා අහන්න වුවමනා නෑ..!
එතුමා මෙච්චර කල් කියපු හරිය හොඳටම ඇති. අළුතෙන් වෙන මොනවා කියන්නද?
පෝය දවසේ සිල් සමාදන් වුණා නම් නරකද?
සාගල අව්ලෙන් කියලාද? කරලා තියෙන දේවල් මිනිස්සු දැක්කා. දැන් ගිහින් සරුංගලයක් යවන්න..
උණුවතුර ටිකක් නාගෙන හාමිනෙත් එක්ක විනෝද චාරිකාවක් ගිහින් නිදහසේ ඉන්න ලොක්කා අපිට පව් දෙන්නේ නැතිව...
මේ අපේ පිනානේ? නමත් අමතක වෙලා තිබුනේ. එද්දී අමතක නොකර කලිසමට කොහු ලනුවක් ගැටගහගෙන එන්න...
එහෙම පැන්ෂන් ගිය හැමෝටම ආන්ඩුවේ මාධ්‍ය වලින් ජාතිය අමතන්න දෙනවාද?
සිපිරිගෙට යාමට ප්‍රථම කරන කතාව.