IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වැස්සෙන් පවුල් 39,522ක් පීඩාවට

(මොහොමඩ් ආසික්)

 දිවයින පුරා පවතින අධික වැසි තත්වය  හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් පවුල්  39,522 කට අයත් පුද්ගලයින් 1,54,782 කු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණකරණ මධ්‍යස්ථානය කියයි.

 එම මධ්‍යස්ථානය නිකුත් කර ඇති දත්ත අනුව කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 1,345 කට අයත් පුද්ගලයින් 5,079 ක්  ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 10,356 කට අයත් පුද්ගලයින් 78,281 ක් කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 15,941 කට අයත් පුද්ගලයින් 60,233  දෙනකු ඇතුළුව බස්නාහිර පළාතේ පවුල් 36,632 කට අයත් පුද්ගලයින් 1,43,595 දෙනෙකු පීඩාවට පත්ව තිබේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 101 ක පුද්ගලයින් 349 දෙනෙකු රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 104 කට අයත්  පුද්ගලයින් 676 දෙනෙකු සබරගමුව පළාතේ පිඩාවට පත්ව සිටිති.

දකුණු පළාතේ ගාල්ල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල පවුල් 37 කට අයත් පුද්ගලයින් 139 දෙනෙකු සහ උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 32 ක පුද්ගලයින් 110 ක් පීඩාවට පත්ව සිටිති.

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 16 ක පුද්ගලයින් 66 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුල් 385 ක පුද්ගලයින් 1,298 දෙනෙකුද පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 2,203 කට අයත් පුද්ගලයින් 8,902 දෙනෙකු ඇතුළුව පළාතේ පවුල් 2,588 කට අයත් පුද්ගලයින් 10,200 ක් පීඩාවට පත්ව සිටිති.

 මෙම ආපදා තත්වය හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති අතර තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබාද තිබේ.

ආරක්ෂිත ස්ථාන 80 ක පවුල් 2,433 කට අයත් පුද්ගලයින් 10,361 ක් රඳවා ඇති  බවත් නිවාස 322 කට  හානි සිදුව  ඇති බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.

 



අදහස් (0)

වැස්සෙන් පවුල් 39,522ක් පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site