නාවික හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානියෙක් නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (26) සිට පත්කර ඇත. 27 August 2024
වී අලෙවි මණ්ඩලයේ වී මිල තීරණය කරයි වී අලෙවි මණ්ඩලය මඟින් වී මිල දී ගත යුතු මිල ගණන් ඇතුළු තීරණ කිහිපයක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 27 August 2024
ෆවුසිට වසර 10ක අත්හිටැවූ සිරදඬුවමක් එක්සත් ජාතීන්ගෙන් මෙරටට ලබාදුන් ජිප් රථයක් පුද්ගලික පරිහරණයට යොදා ගැනීමේ චෝදනාවට වරද පිළිගත් හිටපු අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසිට වසර දෙකක සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා එය වසර 10කින් ගෙවී යන අන්දමට ලිහිල් කිරීමට නියම කළේය. 27 August 2024
ස්විස් පුරවැසි ලාංකිකයා කනගරායන්කුලමේදී මරා දමලා ස්විස්ටර්ලන්තයේ සිට නිවාඩුවකට පැමිණි පුද්ගලයකු වවුනියාව, කනගරායන්කුලම, සින්නඅඩම්පන් ප්‍රදේශයේ නිවසක රැදී සිටියදී පොලු මුගුරුවරින් පහරදී ඝාතනය කොට ඇතැයි කනගරායන්කුලම පොලිසිය කියයි. 27 August 2024
ලංකා පොදුජන පක්ෂයේ සභාපති - ලේකම් යළි රිමාන්ඩ් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපතිවරයකු වන ජනක රත්නායක මහතාට ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත්වීම සඳහා පක්ෂය ලබාදීමට රුපියල් ලක්ෂ 300ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන එක්සත් ලංකා පොදුජන පක්ෂයේ සභාපති හා ලේකම්වරයා ලබන 10 වැනි දින දක්වා යළි බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(27) නියෝග කළේය. 27 August 2024
ව්‍යාජ ආලේපන අලෙවි කළ අයෙක් අල්ලයි ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පිනියක් ඉන්දියාවෙන් ආනයනය කර නිත්‍යානුකූලව බෙදා හරින රූපලාවන්‍ය වලට සමාන ව්‍යාජ රූපලාවන්‍ය ආලේපන අලෙවිකල පිළියන්දල සුපිරි වෙළඳ සැලක් වටලා එහි හිමිකරු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි. 27 August 2024
අයිස් සමග දෙකක් මාට්ටු කැබ් රථයකින් අයිස් වර්ගයේ මත්කුඩු ග්රැම් 500ක් ප්‍රවාහනය කරමින් සිටි මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවන් දෙදෙනෙකු මරදන්කඩවල,ආලංකුලම ප්‍රදේශයේදි කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශයේ නිලධාරින් පිරිසක් විසින් ඊයේ (26) දින අත්අඩංගුවට ගනුලැබ තිබේ. 27 August 2024
ජපන් රැකියා පෙන්නූ අයෙක් මාට්ටු ජපානයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි 10 මුදලක් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 27 August 2024
විදුලි කණුවේ ගැටී සිව්දරු පියා මරුට බෙලිඅත්ත , උණන ,පලපොත මාර්ගයේදී ටිපර් රථයක් විදුලි රැහැන් කණුවක ගැටී එහි රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පැවසීය . 27 August 2024
අද වැසි රහිත කාලගුණයක් බසනාහිර,සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 27 August 2024
ජාජබ සාමාජිකයකුට කඩු පහර දුන්නැයි සජබ ආධාරකරු දැලේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී සාමාජිකයකුට කඩු පහරදී තුවාල කළේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ආධාරකරුවකු යැයි කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය කියයි. 27 August 2024
පුංචි ඡන්ද පිටියට ආ 700ක් රට ගිහින් පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා භාර දුන් අපේක්ෂකයන් 700කට ආසන්න පිරිසක් ආර්ථික ගැටලු හේතුවෙන් විදේශගතව ඇතැයි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල ආරංචි මාර්ගවලින් පැවසේ. 27 August 2024
ඡන්ද පැමිණිලි දහස පනී ජනාධිපතිවරණයට අදාලව මේ වනවිට සමස්ථ පැමිණිලි 1052 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි. 27 August 2024
ළඟ තබා ගන්න පාස්පෝට් ඉල්ලන්න එපා හිස් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීම නිසා විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමා කර ඇති බවත් ඒ හේතුවෙන් අත්‍යවශ්‍යම හේතුවක් මත පමණක් විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා නිවේදනයක් නිකුත් කරමින් අද (26) පැවසීය. 27 August 2024
යුක්රේනයෙන් රුසියාවට ඩ්‍රෝන ප්‍රහාරයක් රුසියාවේ සරටොව් නගරයේ තට්ටු 38 කින් යුත් මහල් නිවාස ගොඩනැගිල්ලකට හානි කරමින් යුක්රේන හමුදා එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයට පිළිතුරු ලෙස මිසයිල 200 ක් සහ ඩ්‍රෝන යොදා ගනිමින් යුක්රේනයේ බලශක්ති මධ්‍යස්ථාන වෙත දරුණු ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 26 August 2024
රටේ එදා මෙදා පෝලිම් නැති කලේ එජාපයයි එක්සත් ජාතික පක්ෂය යනු ඉතිහාසයේ සිට පෝලිම් යුග තුරන් කළ පක්ෂය බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක දේශගුණික විපර්යාස පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 26 August 2024
හතලිහකගේ රැකියා සිහිනය බොඳ කරලා කැනඩා රටේ රැකියා අවස්ථා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් රුපියල් හාර කෝටි 63 ලක්ෂයකට අධික මුදලක් වංචා කර සැඟව සිටියේ යැයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න සැකකරු ලබන 09වැනි දින දක්වා බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(26) නියෝග කළේය. 26 August 2024
විශාල හිඟ බදු ඇති බව කියන කතා බොරු රාජ්‍ය ආදායමෙහි ප්‍රධාන මූලාශ්‍ර තුනක් වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව ආශ්‍රිතව විශාල හිඟ බදු ප්‍රමාණයක් ඇති බවට ගෙන යන ප්‍රචාර මිත්‍යා සහගත බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතා පැවසීය. 26 August 2024
‘‘වතුකරයට බෙදන රා බොන්න හොඳ නෑ‘‘ ඡන්ද අල්ලසක් ලෙස වතුකරයේ ජනතාවට බෙදා හරින බව කියන කෘත්‍රීම රා පරිභෝජනයට නුසුදුසු සෞඛ්‍යට අහිතකර ඒවා බව සිදුකළ මූලික වි ම ර් ශනවලදී අනාවරණය වූ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය. 26 August 2024
දිවි නොතකා මල්ලීගේ දිවි බේරු අයියා වල්අලි ගම්වැදීම වැලැක්විමට ඇද තිබු නීති විරෝධි විදුලි රැහැනක දැවටි සිටි මල්ලීගේ ජීවිතය බේරා ගැනිමට ඔහුගේ සහෝදරයකු සහ හිතවතකු කටයුතු කළ සිද්ධියක් කල්අඩියෙන් වාර්තා වේ. 26 August 2024
කෝටි හතරක බඩු ගුවන්තොටෙන් පිටකරන්න ගිහින් රුපියල් කෝටි හතරක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නිසි අවසරයකින් තොරව මෙරටට රැගෙන විත් , තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීම තැත් කළ අක්කා මලෝ දෙදෙනෙක් ද සමග ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබූහ. 26 August 2024
ඡන්ද පෝස්ටර් ඇලෙව්වාට 3000ක් දඩ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කොළඹ කෞතුකාගාරය ඉදිරිපිට මාර්ගයේ පහන් කණුවල පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයන් දෙදෙනකුට රුපියල් තුන් දහසක දඩ නියම කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ගමගේ මහතා අද(26) නියෝග කළේය. 26 August 2024
ලැඟුම්හළක උද්‍යානයකදී බ්‍රිතාන්‍ය ජාතිකයාට සර්පයෙක් දෂ්ඨ කරලා රංගල , සිරිඳිගන උඩිස්පත්තුව ප්‍රදේශයේ ලැගුම්හලක නවාතැන් ගෙන සිටි බ්‍රිතාන්‍ය ජාතිකයකුට සර්පයකු දෂ්ට කිරීමෙන් ඔහු ප්‍රතිකාර සඳහා තෙල්දෙණිය රෝහලට ඇතුළත් කොට තිබේ . 26 August 2024
ජාජබ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි ‘‘අනිකාට එරෙහි දේශපාලනය නොව සමගියේ දේශපාලනය‘‘ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මූලික කරුණක් යැයි ජනාධිපතිවරණ අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී න් අනුර කුමාර දිසානායක මහතා කොළඹදී යේ පැවසීය. 26 August 2024
ශ්‍රීලනිපයේ පිරිසක් ජනපති ලඟට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරුන් ඇතුළු ප්‍රබලයෝ රැසක් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීම සඳහා එක් වූහ. 26 August 2024
කෝච්චි පාර අසලින් ගිය අයෙක් දුම්රියේ හැපෙයි දුම්රිය මාර්ගය අසලින් ගමන් කරමින් සිටී පුද්ගලයකු මරදාන සිට බෙලිඅත්ත ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී මියගොස් ඇති බව කළුතර දුම්රිය ප්‍රකාශකයෙක් පැවසීය . 26 August 2024
‘‘පොහොර,කෘෂි රසායන සාධාරණ මිලකට දෙනවා‘‘ පොහොර මිටිය රුපියල් 5000ට, කෘෂි රසායන සාධාරණ මිලකට, වී සඳහා සහතික මිලක් දෙන, ගොවි ණය කපා හරින යුගයක් වෙනුවෙන් සමගි ජන බලවේගය හා එක්වන්නැයි සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පොලොන්නරුවේදී පැවසීය. 26 August 2024
මත්ද්‍රව්‍ය-වේදනා නාශක පෙති සමඟ අයෙක් අල්ලයි මහනුවර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් පේරාදෙණිය ප්‍රදේශයේ දී සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී කුෂ් නමැති මත්ද්‍රව්‍ය සහ වේදනානාශක ඖෂධ පෙති සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ . 26 August 2024
මුහුදේ නාන්න ගිය තරුණයා අතුරුදන් මාරවිල කුරුස පල්ලිය ආසන්නයෙ මුහුදේ තරුණයින් පිරිසක් සමඟ දිය නෑමට ගිය 19 හැවිරිදි තරුණයකු දිය රළකට හසුව ගසා ගෙන ගොස් අතුරුදහන් වී ඇති බව මාරවිල පොලිසිය කියයි. 26 August 2024
ඇල්පිටිය ප්‍රා.ස. නාම යෝජනා කැඳවයි ඇල්පිටිය ප්‍රාදේශිය සභාව සඳහා ලබන මස 9වනදින සිට 12 වනදින දක්වා නාම යෝජනා කැඳවන බව ගාල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් ඩබ්ලිව්.එච් .ආර්.විජය කුමාර මහතා පැවසිය. 26 August 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026