IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පණු රෝගයකින් අ‘පුර සෝයා ගොවියා හාන්සියි

 

(බී.ජී. චතුරංග )

අනුරාධපුර -  මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු පැවසූහ.

මහවැලි එච් කලාපය තුල අක්කර 6000ක පමණ භූමියක ගොවීන් විසින් මෙවර සෝයා වගාව සිදු කර ඇති අතර, මෙම පණු රෝගය හේතුවෙන් ඉන් අක්කර 2000ක් පමණ සෝයා වගාවක් අතහැර දැමීමට තමන්ට සිදුව ඇති බව ඔවුහු පවසති.

ඉතා ඉහළ ආර්ථික සහ පෝෂණ වටිනාකමකින් යුතු සෝයා වගාවෙන් ගොවි මහතුන් ඉවත්වුවහොත් දේශීය අවශ්‍යතාවය වෙනුවෙන් ඉදිරියේදී රජයට විශාල මුදලක් වැය කර සෝයා බීජද සම්පූර්ණයෙන්ම මෙරටට ආනයනය කිරීමට සිදුවන බව මෙම ගොවීහු පෙන්වා දුන්හ. 

සෝයා වගාව තුල මෙවර විශාල අස්වැන්නක් නිෂ්පාදනය වූවද පණු රෝගය හේතුවෙන් එම කරල් තුල සියයට අනුවක් පමණ සෝයා බීජ විනාශයට පත්ව තිබීම හේතුවෙන් තමන් එම අස්වැන්න නෙලීම මේ වන විට අතහැර දමා වෙන බව මෙහිදී පැවසූහ.

සෝයා වගාව සඳහා මෙම පනු රෝගය ඇති වූ පළමු අවස්ථාව මෙය නොවන බවත් මෙම රෝගය මර්දනය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් හෝ කෘෂි රසායනික ද්‍රව්‍ය නියම කිරීමට හෝ කිසිදු නිලධාරියකු මෙතෙක් කටයුතු කර නැති බවත් වගා ක්ෂේත්‍රය නිරීක්ෂණය කිරීමට කිසිදු නිලධාරියකු පැමිණ නැති බවත් එම ගොවීහු  පෙන්වා දුන්හ.

මුදල් ණයට ගෙන සහ රත්තරන් බඩු උකසට තබා මෙම වගාව සිදු කර ඇති බවත්   මෙම පනු රෝගය හේතුවෙන් සිය සෝයා වගාවන් විනාශ වීම හේතුවෙන් කිසිවක්  කියා ගැනීමට සිටින තමන් හට රජය මැදිහත් වී  වන්දි මුදලක් ලබා දෙන ලෙස ඔවුහු මෙහිදී ඉල්ලා සිටියහ. 

 



අදහස් (2)

පණු රෝගයකින් අ‘පුර සෝයා ගොවියා හාන්සියි

කුමාර Monday, 14 October 2024 08:41 PM

මේ වගේ වෙලාවට අර පාරට බැහැලා රජයෙන් අපිට සහන දෙන්න කියාලා කියපු රත්න කෙනෙක් හිටියා නේද? පොඩ්ඩක් හොලා බලන්න කියමු නේද.?

:       2       6

Yankey Dicky Tuesday, 15 October 2024 01:35 PM

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කීට විද්‍යා ලොක්කෝ පිනට ද පඩි ගන්නේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site