
(එච්.එම්.ධර්මපාල)
රත්මලානේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගන යනු ලැබූ ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි කළමණාකාරිය ඇතුලු ගණිකා වෘත්තියට පැමිණ සිටි කාන්තාවන් හතරක් ඇතුලු පස් දෙනෙකු ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.
සැකකාරියන් බටුවත්ත මඩපාත ,2 වන පටුමග රත්මලාන, ගල්බොක්ක වෙරලපනාතර ,වෙන්නප්පුව වයික්කාල ,බෝකුන්දර පිළියන්දල ,යන ප්‍රදේශවල පදිංචිව සිටින වයස අවුරුදු21 ,22 ,24 ,39 හා 41 ක්ද වන කාන්තාවන් වන අතර කොළඹ උසස් රැකියා කරන බව නිවාසවලට පවසා මෙහි පැමිණ ගණිකා වෘත්තියේ යෙදෙමින් මාසිකව විශාල මුදල් උපයා නිවාස වලට යවා ඇති බවටත් හෙලිවී ඇතැයිද පොලීසිය පැවසීය.
පොලීසිය වෙත ලද තොරතුරකට අනුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත රුපියල් දහසක මුදලක් ගෙවා පොලිස් උපාය දූතයෙකු ලෙස ආයුර්වේද සම්භාහනයක් සදහා ඇතුලුවී මෙම වැටලීම සිදු කරනු ලැබ ඇත .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට විනෝදයකට කියලා තියෙන්නේ ඔච්චරයි. ඒකටත් බාධක කම්කටොළු...