
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
පවතින වර්ෂාව තත්ත්වය මත දෙමහල් නිවසක ජලය කාන්දු වූ ස්ථානයකට සෙවිලි තහඩුවක් සවි කිරීමට යාමේදී පය ලිස්සා අඩි විසිපහක පමණ උසකින් බිමට ඇද වැටුණු යාන්ත්‍රික සිවිල් ඉංජිනේරුවරයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පන්නිපිටිය හිරිපිටිය බෝගහවිල පාර , පදිංචි තෙන්නකෝන් මුදියන්සේලාගේ ධනුෂ්ක රුක්ෂාන් රාජපක්ෂ නමැති (41) හැවිරිදි දෙදරු පියකු බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයාගේ බිරිඳ අවුරුදු එකහමාරක සහ තුනක දරු දෙදෙනා බලා ගනිමින් නිවස තුළ සිටියදී වර්ෂාවත් සමග ඉහළ මහලේ වහලයෙන් ජලය කාන්දු වූ ස්ථානයකට සෙවිලි තහඩුවක් සවිකිරීම සඳහා තනිවම වහලයට නැග එය සවි කිරමින් සිටියදී අඩි විසිපහක පමණ උසකින් බිමට ඇද වැටි නිවෙස් දෙකක් අතර අඩි නමයක් පමණ වූ හිස් බිමකට ඇද වැටී අනතුරක් සිදුව තිබේ.
මේ බව කිසිවක් නොදත් යාබද නිවසේ කාන්තාවක් පිටිපස දොර විවර කර පිටතට පැමිණීමේදී ඒ ඉදිරිපිට පුද්ගලයකු වැටි සිටිනු දැක , පසුව විපරම් කර බැලීමේදී ඒ යාබද නිවසේ පුද්ගලයා බවට හඳුනාගෙන ඔහුගේ බිරිඳට දන්වා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට රැගෙන ගොස් ඇතත් වෛද්‍යවරුන් පරීක්ෂා කොට පවසා ඇත්තේ ඔහු මියගොස් ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද අහපු දෙවෙනි ඇදවැටීම්, අවිස්වාස සහගතව සහ නුපුරුදු ලෙස ඉහළ නැගීම අවදානම්.
සත්‍ය අසත්‍ය බව මම දන්නෙ නම් නැහැ. ඒත් මම අහලා තියෙනවා. ගෘහ මූලිකයා තමන්ගේ වහලයට නගින්න හොඳ නැහැ.. කියලා ඒක කෙසේවෙතත් වර්ෂාව පවතින අවස්ථාවේ දෙමහල් නිවසේ වහලයට දුරදිග නොබලා තනිවම නගින්න යාම නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ.. මෙය නොසැලකිල්ල නිසා සිදුවෙලා තියෙනවා...