
(අංජුල මහික වීරරත්න)
ආණ්ඩුවේ රස පරීක්ෂක තනතුර සඳහා පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ආණ්ඩුවේ රස පරීක්ෂක තනතුරේ සේවය කළ දීපිකා සෙනෙවිරත්න මහත්මිය 2024-10-11 දින සිට විශ්‍රාම ලබා තිබේ.
ඒ අනුව පුරප්පාඩු වී ඇති එකී තනතුර සඳහා ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීන්ගේ ජ්‍යෙෂ්ඨතා ලේඛනය අනුව මීළඟට ඉහලම ජ්‍යෙෂ්ඨතාව හිමි දැනට ආණ්ඩුවේ අතිරේක රස පරීක්ෂක තනතුරෙහි සේවය කරනු ලබන ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනී පතිරගේ සන්ධ්‍යා කුමුදුනී රාජපක්ෂ මහත්මිය පත් කිරීම පිණිස අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
(ආණ්ඩුවේ රස පරික්ෂක කාර්යාලය බොහෝ දෙනා රජයේ රස පරික්ෂක කාර්යාලය ලෙස හඳුන්වයි. නමුත් එහි නිවැරදි භාවිතය ආණ්ඩුවේ රස පරික්ෂක කාර්යාලයි. ලංකාදීප පාඨකයන් කීප දෙනකු මේ සම්බන්ධයෙන් කළ විමසීම හේතුවෙන් පාඨකයන් දැනුවත් කිරීම සඳහා මෙම සටහන් තබන්නෙමු.)
2025 දෙසැම්බර් මස 30
61
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ආණ්ඩුවේ රස පරීක්ෂක පත් කරයි