
(මනෝප්‍රිය ගුණසේකර)
සෙවණගල ප්‍රදේශයේ ප්‍රකට ආයුර්වේද වෛද්‍යවරයකුගේ ඖෂධාලයක තිබු ගංජා සමඟ එහි සේවකයන් කීපදෙනකු අත්අඩංගුවට ගැනීමෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔවුනගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය රුපියල් ලක්ෂ 12ක වන්දියක් පෙත්සම්කාර ආයුර්වේද වෛද්‍යවරයාට ගෙවීමට වැටලීම කළ සුරාබදු නිලධාරීන් තිදෙනට අද (15) නියම කළේය.
ඖෂධාලයේ සේවකයන්ට රුපියල් ලක්ෂය බැගින් සිය පෞද්ගලික මුදලින් වන්දි ගෙවීමට සුරාබදු නිලධාරීන්ටද ආයුර්වේද වෛද්‍යවරයා ඇතුළු සේවකයන්ට රුපියල් 10,000/- බැගින් වන්දි ගෙවීමට රජයටද නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය නිලධාරීන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට සුරා බදු දෙපාර්තමේන්තුවට නියෝග කළ අතර අල්ලස් ඉල්ලීම සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් පැවැත්වීමට අල්ලස් කොමිසමට නියම කළේය.
සෙවණගල ප්‍රදේශයේ ප්‍රකට ආයුර්වේද ඖෂධාලයක් පවත්වාගෙන යන ආයුර්වේද වෛද්‍ය කමල් බන්දුල වීරප්පෙරුම මහතාගේ සහ ඔහුගේ බෙහෙත් ශාලාවේ සේවකයන් සිව්දෙනෙකුගේ මුලික අයිතිවාසිකම් කඩකළ බවට තීන්දු කරමින් මෙලෙස වන්දි ගෙවවීටට නියම කරන ලද්දේ සුරා බදු දෙපාර්තමේන්තුවේ බොරැල්ල මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපති නන්දන පෙරේරා, සුරා බදු පරීක්ෂක තිලක්කුමාර සහ සුරාබදු නියාමක එන්.එස්. රත්නායක නැමැත්තන්ටය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පත්මන් සුරසේන, ප්‍රියන්ත පුනාන්දු සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන් හමුවේ පෙත්සම විභාග කෙරිණී.
2025 නොවැම්බර් මස 04
100
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2027
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1565
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සුරාබදු ලොක්කන්ට ලක්ෂ 12 ගෙවන්න වෙයි
R.T.sarath Tuesday, 15 October 2024 05:47 PM
මේ රජයේ සේවකයන් පගාව ගන්න එක නවත්වන්න නම් සෞදි අරාබියේ, චීනේ සහ උතුරු කොරියාවේ මෙවැනි වැරැදිවලට දෙන දඬුවම් මෙහෙත් පනතක් මගින් නීතිගත කරලා, දඬුවම ක්‍රියාත්මක කරන්න වෙනවා. මෝටර් රථ දෙපාර්තමේන්තුව, පාස්පෝර්ට්, රේගු, ආදායම් බදු, සුරාබදු දෙපාර්තමේන්තු ගැන කතාකරලා වැඩක් නැහැ. කෙටියෙන් කියනවා නම් වැඩියෙන්ම අල්ලස් ගන්නේ අල්ලස කොමිසමේ මිනිස්සු...
රම්බොඩ Tuesday, 15 October 2024 07:10 PM
මේක නම් හොඳයි. නැත්නම් මේලෝ දෙයක් දන්නේ නැතිව ආයූර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථාන වටලයි. පිස්සන් වගේ. මත්ද්‍රව්‍ය එතැනදි ඖෂධයක්... බටහිර වෙදකමේත් එහෙමයි.
hemantha Wednesday, 16 October 2024 11:30 PM
හරිම හොදයි..ඔය කලින් පගාවට පුරුදු වුණ උන් ..අහිංසක මිනිසුන්ට රැකියාවක් කරන්න දෙන්නේ නෑ.. අධිකරණයට උත්තමාචාරය.