
(ප්‍රසාද් රුක්මල් )
හාලිඇල රොසට්වත්තේ ත්‍රීරෝද රථ රියදුරෙකුට මඩොල්සිම දී පහරදී ඝාතනය කර සිරුර මඩොල්සිම පුංචිලෝකාන්තයේ අඩි දහස් ගණනක ප්‍රපාතයකට විසිකර දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට වාහන බ්‍රෝකර්වරයෙක් අද (15) අත්අඩංගුවට ගත් බව හාලිඇල පොලිසිය පවසයි .
මඩොල්සිම බටාවත්තේ පදිංචි 27 හැවිරිදි සිව්දරු පියෙකු මෙසේ අත්අඩංගුවට ගනු ලැබිනයි පොලිසිය කීය .
හාලිඇල රොසට්වත්තේ පදිංචිව සිටි විවේකානන්දන් සුජීවන් (23) නැමති අවිවාහක තරුණයකු මෙසේ ඝාතනයට ලක්වූ බවත් , මඩොල්සිම පුංචිලෝකාන්තයේ අඩි දහස් ගණනක ප්‍රපාතයකට ඇද දැමූ මොහුගේ සිරුර අද (15) දහවල් වන විටත් සොයා ගැනීමට නොහැකි විනැයි පොලිසිය පැවසීය .
මෙම තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර එහි ප්‍රධාන සැකකරු බව කියන මඩොල්සිම බටාවත්තේ පදිංචි හාලිඇල ක්වින්ස්ටවුන්වත්තේ කාන්තාවක සමග විවාහ වී සිටින 34 හැවිරිදි චන්ද්‍රබොස් දයාලන් නමැති එක්දරු පියෙකු හාලිඇල පොලිසිය අත්අඩංගුවට ගනු ලැබිණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd