
(අංජුල මහික වීරරත්න)
නව විදෙස් ගමන් බලපත්‍ර තොගය ලබන සෙනසුරාදා (19) ලංකාවට ලැබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ඊ-පාස්පෝට් සම්බන්ධයෙන් මේ වන විට අධිකරණයේ වාරණ නියෝගයක් පවතින බව කී අමාත්‍යවරයා ඊට අදාලව ටෙන්ඩර් කැඳවීමක් සිදු නොකරන බවත් උසාවි නියෝගය ලබා දීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යාන්තං. දැන්වත්, කරදරයක් නැතුව, මහජනයාට විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගන්න පුලුවන් වෙයි..
ඔය පාස්පෝර්ට් එක මුද්‍රණය කරන්න වැයවෙන්නේ ඩොලර් 5 හෙවත් රුපියල් 1450 වැනි මුදලක, නමුත් ඕක අපට සාමාන්‍ය ක්‍රමයට දෙන්නේ රුපියල් 10000කට, එක්දින සේවය යටතේ දෙන්නේ 20000 කට, ඇමැතිතුමා ඩොලරයත් රුපියලට සාපේක්ෂව පහළ බැහැලා තිබෙන, රටේ උද්ධමනයත් විශාල ලෙස අඩුවෙලා තිබෙන මේ අවස්ථාවේ බැරිද පාස්පෝර්ට් මිලත් යම්කිසි විදිහකින් අඩුකර ජනතාවට සහනයක් දෙන්න.. වෙළෙන්දාට සීනි මිල, හාල්මිල, බිත්තර මිල අඩු කරන්න කියන රජයත් පොඩි ආදර්ශයක් දෙන්න ඕනේ කියලා කියන අය දමන්නකෝ පොඩි කමෙන්ට් එකක්.
සහතික ඇත්ත පාස්පෝර්ට් එක මුද්‍රණය කරන්න වියදම් වෙන්නේ ඩොලර් 5 කියලා දැනට හිරේ ඉන්න ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මාධ්‍යවේදී චතුර සමග කළ සම්මුඛ සාකච්වඡාවකදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. රජය සාමාන්‍ය ක්‍රමයට 10000 සහ එක්දින සේවය යටතේ 20000 ගන්න එක අසාධාරණය, රජය කළුකඩ කාරයෙක් වගේ වැඩ කරන්න එපා.., රුපියල් 5000ට දුන්නත් රජයට රුපියල් 3500ක ලාභයක් තිබෙනවා.. අවම වශයෙන් විදේශ සේවා එකේ ලියාපදිංචි වෙච්චි මිනිස්සුන්ටවත් පාස්පෝර්ට් අලුත් කරනකොට යම්කිසි සහනයක් දෙන්න. බොරුවට රටවිරුවෝ කියලා බටර් ගාලා බොරු චාටු කතා කියලා වැඩක් නැහැ. අලුත් රජයෙන් අපිට යම්කිසි සහනයක් දෙන්න.
විජිත හේරත් සහෝදරයා යුරෝපේ ජීවත්වෙන අපට අඩු නොකළත් කමක් නැහැ... මැද පෙරදිග ශ්‍රමිකයාට මේ පාස්පෝර්ට් එක අලුත් කරනකොට සාධාරණ මිලකට දෙන්න.. ඔවුන් මෙම පාස්පෝර්ට් අලුත් කරනකොට මැදපෙරදිග පිහිටි තානාපති කාර්යාල වලින් සේවා ගාස්තු කියලා රුපියල් 20000ක පමණ අමතර මුදලක් අය කරනවා.. මේවා ඉදිරියට නවත්වන්න.. පසුගිය ආණ්ඩු කලේ දිගින් දිගටම විදේශ ශ්‍රමිකයාට කැරට් අල ගිල්ලවන එක, එකට තිත තබන්න...