ගසක් කඩා වැටි අයෙක් මරුට ඉමදුව කෝඹල පිටුවලහේන ගුණසේකර කන්ද ප්‍රදේශයේ තේ ඉඩමක වැඩ කරමින් සිටි පුද්ගලයෙකුගේ හිස මතට ගසක් කඩාවැටි ඔහු මියගොස් ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 21 May 2024
ආර්ථික පරිවර්තන පනත හෙට මැතිසබයට ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට හෙට ( 22) ඉදිරිපත් කිරීමට නියමිතය 21 May 2024
අනුරගේ පිළිතුරට සජිත්ගෙන් හාහුවක් නෑ ලබන මස 6 වෙනිදා යෝජිත විවාදය පැවැත්වීම සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කැමැත්ත පළකරමින් විපක්ෂ නායක සජිත් පේමදාස මහතාට කළ ආරාධනයට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැතැයි එම පක්ෂයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය 21 May 2024
’’ලංකාදීප’’ මාධ්‍යවේදී ළහිරුට ‘රූප’ සම්මානයක් කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ නාට්‍ය හා රංග කළා සහ ප්‍රතිබ්ම්බ කළා අධ්‍යයන අංශය සංවිධානය කළ ‘රූප 2023’ ඡායාරූප තරගාවලියේ විවෘත අංශයේ ඡායාරූප මාධ්‍යකරණය තෙවැනි ස්ථානය සහ එහි කුසලතා සම්මාන ‘ලංකාදීප’ ඡායාරූප මාධ්‍යවේදී ළහිරු හර්ෂණ හිමිකරගැනීමට සමත් විය. 21 May 2024
ගුරුවරයාගෙන් පහර කෑ සිසුවිය රෝහලේ පොළොන්නරුව අධ්‍යාපන කලාපයට අයත් විජිත මහා විද්‍යාලයේ දහය වසරේ අධ්‍යාපනය ලබන සිසුවියකට එම විද්‍යාලයේ ගුරුවරයෙකු පහරදීමෙන් ඊයේ (20) දා පුලස්තිගම රෝහලට ඇතුළත් කර තිබේ. 21 May 2024
බන්ධනාගාර වර්ජනය අවසන් බන්ධනාගාර නිලධාරීන් වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලමින් දින දෙකක් ක්‍රියාත්මක කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (21) පස්වරුවේ අවසන් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසිය. 21 May 2024
මතීෂ පතිරණ ලක්ෂ 360කට අළෙවි වෙයි කොළඹදී දැන් පැවැත්වෙන ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඇමෙරිකානු ඩොලර් 120,000 ක් හෙවත් රුපියල් ලක්ෂ 360 කට ආසන්න මුදලකට අළෙවි විය. 21 May 2024
ඉරානය හඬවා ජනපති ඊබ්‍රාහිම් නික්ම යයි අභාවප්‍රාප්ත වූ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ තෙදින අවමංගල්‍ය උත්සවය අද (21) ටබ්රිස් නගරයේදී එරට වේලාවෙන් උදෑසන 9.30 ට ආරම්භ වූවේය.අවමංගල්‍ය උත්සවය අදියර කීපයකින් පැවැත්වීමට නියමිත බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය. 21 May 2024
වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ පදවිය ඕමාරකඩ ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පාදයට බරපතල තුවාල සිදුවූ පුද්ගලයකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවත්, එම වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු ගල් කටස් වර්ගයේ ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් බව පදවිය පොලිසිය පවසයි. 21 May 2024
ජනපතිවරණය ගැන රනිල්ගෙන් නිල ප්‍රකාශයක් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට තරඟ කරන බවට වන නිල ප්‍රකාශය ජුනි මාසයේදී ප්‍රකාශයට පත් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසීය. 21 May 2024
නොදන්වා රට පැන්න හමුදාවේ 373ක් ඉවතට පොදු සමා කාලය තුළ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ යුද හමුදා සාමාජිකයන් 15,667 ක් නීත්‍යනුකූලව සේවයෙන් ඉවත් කළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක රසික කුමාර මහතා පැවැසීය. 21 May 2024
ඉරාන ජනපති වියෝව ජාත්‍යන්තර තේ උත්සවය අවලංගු කරයි ඉරාන ජනපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ වියෝව නිසා ජාත්‍යන්තර තේ දින උත්සවය අවලංගු කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා තේ මණ්ඩලයට උපදෙස් දුන්නේය. 21 May 2024
අපදාවෙන් බේරෙන්න විමසිලිමත් වෙන්න පවතින අධික වැසි,සහ සුළං තතත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගංවතුර අවදානමක් මතුව ඇති අතර ඇතැම් දිස්ත්‍රික්කවල හදිසි අනතුරුද වාර්තා වේ. 21 May 2024
ඩයනා ගමගේට ඇප හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය. 21 May 2024
විදුලිසැර වැදී ව්‍යාපාරිකයා මරුට මුන්දලම - බරලන්කට්ටුව ප්‍රදේශයේ සිය සත්ත්ව ගොවිපලේ විදුලි අළුත්වැඩියා කටයුත්තක් කරමින් සිටි ව්‍යාපාරිකයෙකු විදුලිය සැර වැදීමෙන් මිය ගොස් ඇති බව මුන්දලම පොලීසිය කියයි. 21 May 2024
ඩයනා අධිකරණයට බාර වේ කොළඹ ප්‍රධාන මසේත්‍රාත්ත අධිකරණය සැකකාරියක ලෙස නම් කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අධිකරණය බාරවීම සඳහා මීට සුළු මොහොතකට පෙර පැමිණියාය. 21 May 2024
වැස්සෙන් දුම්රිය ධාවනයටත් බාධා දැනට පවතින අධික වර්ෂාව හේතුවෙන් කොළඹ _පුත්තලම දුම්රිය මාර්ගයේ මුන්දලම සිට පුත්තලම දක්වා මාර්ගය ජලයෙන් යට වීමෙන් දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 21 May 2024
නානතොටුපොළේ දී බිරිය මැරූ සැමියා මාට්ටු ලුණුගල කුබුක්කන් ඔයේ සිය 12 හැවිරිදි පුතා සමඟ දියනෑමට ගොස් සිටියදී ගලකින් හිසට මුහුණට පහරදී බිරිද ඝාතනය කර පලාගොස් සිටි සැකකාර රියදුරු සැමියා අද (21) අලුයම ලුණුගල නගරයේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව ලුණුගල පොලිසිය පවසයි . 21 May 2024
‘මදුරන්කුලියේ දරුවෙක් දින තුනක් තිස්සේ අතුරුදන්‘ මදුරන්කුලිය ආදර්ශ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවකු දින තුනක් තිස්සේ අතුරුදන් වී ඇති බව මව්පියන් හා ඥාතින් පැමිණිලිකර ඇතැයි මදුරන්කුලිය පොලිසිය කියයි. 21 May 2024
ශ්‍රීලනිප සන්ධානයේ පළමු රැලිය ජුනි 8 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛව පිහිටුවනු ලබන නව සන්ධානයේ ප්‍රථම රැළිය හා ජනහමුව ලබන ජූනි මස 8 හම්බන්තොට දිස්ත්‍රික්කය පදනම් කර ගනිමින් රන්න නගරයේ දී පැවැත්වීමට තීරණය කර තිබේ. 21 May 2024
කොළඹ - පුත්තලම මාර්ගයේ ගමනාගමනයට බාධා ලුණුඔය පිටාර ගැලිමෙන් කොළඹ පුත්තලම මාර්ගයෙ මහඔය ප්‍රදේශයෙන් ජලයෙන් යටවිමේන් ගමනා ගමනයට බාධා එල්ලවී ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය අද (21 ) පැවසිය. 21 May 2024
ට්රැක්ටරය පෙරැලී සිසුවෙක් මරුට-පහක් රෝහලට මුලතිව් පුදුකුඩියිරිප්පු ප්‍රදේශයේදී ට්‍රැක්ටරයක් පෙරැළී අවුරුදු 16 ක සිසුවෙක් මියගොස් තවත් පුද්ගලයින් පස් දෙනකු බරපතල තුවාල ලබා ඇති බව පුදුකුඩියිරිප්පු පොලිසිය සදහන් කරයි. 21 May 2024
වැස්ස තවදුරටත් නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 21 May 2024
ඉරාන ජනපති වෙනුවෙන් සොව පළ කෙරේ හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ එරට විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්ලහීන් ඇතුළු පිරිස වෙනුවෙන් රටවල් රැසක් සොව පළ කර තිබේ. ඒ අතරින් ඉදිරියෙන්ම පසුවන්නේ ඉරානයේ හිතවතුන් වන රුසියාව සහ චීනයයි. 21 May 2024
කළුතර වෙඩි තැබීමකින් තිදරු පියා මරුට:දියණියට තුවාල කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද රාත්‍රී සිදුවූ වෙඩි තැබිමකින් තිදරු පියකු මියගොස් ඔහුගේ 7 හැවිරි දියණිය තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි. 20 May 2024
සුළඟින් ගම්පහ තොරණට හානි ගම්පහ ප්‍රදේශය හරහා හඹා ගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් අස්ගිරිය ඇනිකට් හන්දිය අසල ඉදිකරමින් තිබූ වෙසක් තොරණට දැඩි ලෙස හානි සිදුව තිබිණි. 20 May 2024
අවි ගන්න ගිය ලංකාවේ 4ක් ඉන්දියාවේදී අල්ලයි පාකිස්තාන බාරකරුවන් පැමිණ රාජකාරී සහ අවි ලබාදෙන තෙක් අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රැඳී සිටි අයිඑස් ත්රස්තවාදීන් ලෙසින් සැලකෙන ලාංකිකයන් සිවු දෙනකු ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 20 May 2024
ඉරාන ජනපති අභාවයට හෙට ශෝක දිනයක් කරයි ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ අභාවයට ශෝකය පළකිරීම සඳහා ශ්‍රී ලංකා රජය හෙට (21) ශෝක දිනයක් ලෙස නම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ පවසයි. 20 May 2024
අනධ්‍යයන සේවක වර්ජනයෙන් උපාධි උත්සවත් කඩාකප්පල් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් විශ්ව විද්‍යාල කීපයකම උපාධි ප්‍රදානෝත්සව දින නියමයක් නොමැතිව කල් දමා තිබේ. 20 May 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026