IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දිස්ත්‍රික් අනුව අපේක්ෂකයන්ට මහ ඡන්දයට දැරිය හැකි මුදල් ගැන කියයි

(කේ බුද්ධික කුමාරසිරි)

මෙවර මහ මැතිවරණයේදී ඒ ඒ දිස්ත්‍රික් අනුව එක් අපේක්ෂකයකුට ඡන්ද දායකයකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් 115 ත් අවම මුදල රුපියල් 82 ත් අතර වනු ඇති බව සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඒ අනුව එක් ඡන්දායකයෙකු වෙනුවෙන්  උපරිම මුදලක් වියදම් කළ හැකි දිස්ත්‍රික්කය ගම්පහ සහ කොළඹ වන බවත් එම දිස්ත්‍රික්කවල අපේක්ෂකයකුට වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් ලක්ෂ පනස් අටකට ආසන්න බවත් එම දිස්ත්‍රික්කය වෙනුවෙන් පක්ෂයකට වැය කළ හැකි උපරිම මුදල රුපියල් ලක්ෂ හයසියයකට ආසන්න වන බවත් ඔහු පැවසීය.

එසේම අවම මුදලක් එක් අපේක්ෂකයකුට වියදම් කළ හැකි දිස්ත්‍රික්කය වනුයේ වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය වන අතර එම දිස්ත්‍රික්කයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකුට වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් හාරදහසකට ආසන්නවේ.

ඒ ඒ දිස්ත්‍රික්කයන් සඳහා මෙවර මහ මැතිවරණය වෙනුවෙන් එක් අපේක්ෂකයකුට වියදම් කළ හැකි උපරිම මුදල අදාළ පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට වියදම් කළ හැකි උපරිම මුදල සහ  ජාතික ලැයිස්තු නාමයෝජනා ලබා දී ඇති පුද්ගලයන්ට වියදම් කළ හැකි උපරිම මුදල වශයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින්  නියාමනයන් ඉදිරිපත් කර ඇති බවද රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසීය .



අදහස් (0)

දිස්ත්‍රික් අනුව අපේක්ෂකයන්ට මහ ඡන්දයට දැරිය හැකි මුදල් ගැන කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site