IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මහකුඹුක්කඩවල නිවෙසක දඩ මස් : ඡාවාරමා පැන යයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

වන සතුන් දඩයම් කර විවිධ ප්‍රදේශ වලට  මස් බෙදාහැරිමේ නිරත මහකුඹුක්කඩවල ජයරාජපුර ප්‍රදේශයේ මහා පරිමාණ ජාවාරම්කරුවකුගේ  නිවසේ  තිබූ මස් තොගයක් සිය බාරයට ගත් බව පොලීසිය කියයි.

පාලවිය ගුවන් හමුදා කදවුරේ බුද්ධී නිළධාරීන්ගේ තොරතුරක් මත වනජිවි නිළධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් එක්ව අද(16)  මෙම වැටලීම සිදු කර ඇත.

මහකුඹුක්කඩවල රජයේ රක්ෂීත හා අවට වනාන්තර වල සැරිසරණ මුවන්,ගොනුන්, වල් ඌරන් ඇතුළු වන සතුන් දඩයම් කර අධීක මිලකට විවිධ ප්‍රදේශ වලට රහසේ වාහන වලින් ප්‍රවාහනය කරමින් මෙම ජාවාරම කරගෙන ගොස් තිබු බව පොලීසිය කියයි.

අදාල වැටලීමේදි ජාවාරම මෙහෙය වු ප්‍රධාන ජාවාරම්කරු වැටලිම අතර තුරදි පලා ගොස් තිබු අතර නිවසේ වන සතුන්ගේ මස් ගබඩා කර තිබු අධි ශීතකරණ දෙකක් ද අත් අඩංගුවට ගැනිමට හැකිවු බව වනජීවි නිළධාරීන් පවසයි. තවද  අලෙවි කිරීමට සුදානම් කර තිබු මුව මස් හා විවිධ වන සතුන්ගේ කොටස් සමඟ ලොරි රථයක් අත් අඩංගුවට ගැනිමද හැකිව තිබේ.

 



අදහස් (3)

මහකුඹුක්කඩවල නිවෙසක දඩ මස් : ඡාවාරමා පැන යයි

බකල ජයා Wednesday, 16 October 2024 02:12 PM

මේ ජාවාරමාගේ ප්‍රධානතම ගැනුම්කරුවෙකු නම් කරන්න. පිලිතුර ඉතා ලෙහෙසි බැවින් තෑගි නොලැබේ.

:       0       27

රම්බොඩ Wednesday, 16 October 2024 02:41 PM

කරගත් අකුසල කර්ම වලින් නම් පැන යන්න බැරිවෙයි. ඒවා ගෙවන්න වෙන්නෙ තමන්ටම තමයි.

:       0       16

ආලපාල Wednesday, 16 October 2024 03:26 PM

ඉස්සෙල්ලාම ඔය වැටලීම ගැන විස්තර ලීක්කරපු කෙනාව හොයාගන්න. ගුවන් හමුදා බුද්ධි ඒකකයෙන් ඔච්චර මහන්සිවෙලා විතර හොයලා දීලාත් ඉතුරුටික හරියට කරගන්න බැරිවෙන්න බැහැනේ...

:       1       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site