IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ලංකාවට ඖෂධ හදන්න කියුබාවේ අවධානය

(අංජුල මහික වීරරත්න)

⁣ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා කියුබා රජයේ අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති  අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හමුවේ පැවැසුවාය.

කියුබා තානාපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුව අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

පසුගිය වසර කිහිපයේ කියුබාව මුහුණ දුන් ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද, කියුබාව අඛණ්ඩව ලබා දෙන සහයෝගය පිළිබඳව කෘතඥතාවය පළ කළ අග්‍රාමාත්‍යවරිය  කියුබා අගමැතිවරයාට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා නිල ආරාධනයක් ද සිදු කළාය.

ශ්‍රී ලංකාව සහ කියුබාව අතර ඇති වසර 65කට ආසන්න දීර්ඝකාලීන රාජ්‍යතාන්ත්‍රික සබඳතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම, කියුබානු ආධාර යටතේ ක්‍රියාත්මක කළ දැනට නතර වී ඇති මදුරු මර්දන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම, ශ්‍රී ලංකාවේ පුහුණු ආයතන සහ විශ්වවිද්‍යාල සඳහා වෛද්‍ය හා ක්‍රීඩා අධ්‍යාපනය පිළිබඳ ශිෂ්‍යත්ව පිරිනැමීම, ඇතුලු වැදගත් කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කෙරිණ.



අදහස් (5)

ලංකාවට ඖෂධ හදන්න කියුබාවේ අවධානය

ANURA ROME Wednesday, 16 October 2024 01:27 PM

ලංකාව කියුබාවක් වෙන්න යන බව. මම මීට පෙරත් අනාවරණය කලා.මේ හොඳම ශාක්ෂියයි. රැල්ලගෙ ඇස් ඇරෙන්නෙ ලබන මස 14 පසුවය

:       73       23

සෙනෙවිරත්න Wednesday, 16 October 2024 01:30 PM

සාර්ථකකම ඩෙංගු මර්දනය සහ දියුණු වෛද්‍ය සේවයක් තිබෙන රටක් ලෙස අපි අහල තියෙනව. බටහිර මාධ්‍ය මොනව කිව්වත්. කොහෙන් හෝ මෙම ඖෂධ සඳහා පිටරටට යන මුදල් සහ එම මාපියාව නැති කිරීමට උදව් ගැනීම සතුටක්

:       12       65

Amith R Wednesday, 16 October 2024 01:43 PM

NMRA අයත් මාලිමාවට සපෝර්ට් කළාද? තවම වංචා ටික නම් හොයනපාටක් නෑ. දූෂිතම ආයතනය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙන්න ඇති.

:       5       31

Vishmin Wednesday, 16 October 2024 01:45 PM

පුද්ගලික රෝහල් නියාමනය කරන්න වැඩපිළිවෙළක් ගේන්න. හිතෙන හිතෙන විදිහට බිල් කඩනවා. ඉන්ෂුවරන්ස් තියනවා කිව්වොත් බිල වැඩිකරනවා.

:       1       54

Samara Wednesday, 16 October 2024 06:03 PM

අපි ඉස්කෝලේ ගිය කාලේ කියුබාවේ විප්ලවය කියලා හොඳ දෙපිට කැපෙන කතාවක් තිබුණා. පරණ අය අහලා ඇති. මේකත් තවත් කියුබාවේ විප්ලවයක් වෙලා ඉවර වෙන්නද යන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site