IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


H P V එන්නතින් පසු රෝගී වූ සිසුවියන් 5ක් රෝහලට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ලක්ෂ්මි කුඩලිගම)

ගැබ් ගෙල පිළිකා වැළැක්වීම සඳහා ලබාදෙන එච් පි වි එන්නත ලබාදීමෙන් අනතුරුව රෝගාතුර වූ 12 හැවිරිදි  සිසුවියන් පස්දෙනකු  රෝහල් ගත කර ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ අඟුරුවාතොට  වෙනිවැල්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ  හත වසර පන්තියේ ඉගෙනුම ලබන සිසුවියන් පස් දෙනෙකි.

මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරි කණ්ඩායමක් පැමිණ එම පාසලේ 7 පන්තියේ ඉගෙනුම ලබන සිසුවියන් 26 දෙනෙකු උදෙසා මෙම එන්නත ලබාදීම සිදුකර තිබිණි.

 එන්නත ලබා ලබාදී මද වේලාවකින් අනතුරුව සිසුවියන් පස්දෙනෙකුට හිසේ රුදාව, උදරය වේදනාව, හා ක්ලාන්තය ආදී රෝග ලක්ෂණ පහළ වීම හේතුවෙන් මිල්ලනිය  සෞඛ්‍යාය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින්ම රෝගාතුර වූ එම සිසුවියන් හල්තොට  ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර ඇත.

 

.

 



අදහස් (5)

H P V එන්නතින් පසු රෝගී වූ සිසුවියන් 5ක් රෝහලට

රම්බොඩ Wednesday, 16 October 2024 08:00 PM

මේ වයසේ දරුවන්ට මේ එන්නත් දෙන්නේ කාගෙ අනුමැතිය ඇතිවද ? කිරිදරුවෝ.

:       23       6

NimalThursday, 17 October 2024 08:49 AM

දෙයක් දෙන්න නැත්නම් කට පියාගෙන ඉන්න එක හොඳයි. මෝඩකම ලෝකෙට පෙන්වන්නේ නැතිව.

:       0       0

Lalla Thursday, 17 October 2024 11:41 AM

මේ දරුවෝ තමා ලොකු දරුවෝ වෙන්නේ.

:       0       0

MOHThursday, 17 October 2024 03:50 PM

ජාතික ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙල යටතේ දෙන ආරක්ෂිත භාවය තහවුරු කරන ලද එන්නතක්. වසංගත රෝග ඒකකයේ වෙබ් පිටුවට ගිහින් බැලුවොත් තොරතුරු දැනගන්න පුළුවනි. එන්නතට බියවීම නිසා ඇති වන සුලබ ප්‍රතික්‍රියාවක් තමයි ඒ... නැතුව අසාත්මිකතාවයක් (ඇලජික් එකක්) නෙවෙයි. හිතේ බය ඇරුණාම නිකන්ම හොඳවෙනවා. ඔයා බයවෙන්න එපා ඔයාට ගහන්නේ නෑ...

:       0       0

manjula Thursday, 17 October 2024 11:18 AM

මේවා එන්නත් ටෙස්ට් කරන්න කරපු දෙයක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site