බඹර ප්‍රහාරයෙන් සිසුන් 100ක් රෝහලේ දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පට්ටිගල පර්සි අබේවර්ධන මහා විද්‍යාලයේ සිසුන් සියයකට අධික ප්‍රමාණයකට හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ දෙදෙනකු අද (30) බඹර ප්‍රහාරයකට ලක්ව රෝහල්ගත කර ඇතැයි ඌරුබොක්ක පොලිසිය පවසයි. 30 August 2024
රාජ්‍ය පාලනයට තරුණ අදහස් ගන්න යාන්ත්‍රණයක් නව පරපුරේ කතිකාව (Gen Z Dialogue) ඇති කරමින් එම අදහස් රාජ්‍ය පාලනයට භාවිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 30 August 2024
නඩු බඩු කාමරයේ භාරකරු රඳවා ප්‍රශ්න කරයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කර තිබූ හෙරොයින් කිලෝ 12ක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගබඩාවේ භාණ්ඩ භාරකාරවරයා ලබන 04 දින දක්වා රහස් පොලිසියේ රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (30) නියෝග කළේය. 30 August 2024
උද්ධමනය සියයට 0.5ක් දක්වා අඩුවෙයි කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමන අනුපාතය අගෝස්තු මාස සියයට 0.5 ක් දක්වා පහත වැටී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 30 August 2024
අස්කරල කියලා මට කිව්වෙ නෑ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තමා මහ ලේකම් ධුරයෙන් ඉවත් කර ඇතැයි මේ වන තෙක් නිල දැනුම් දීමක් කර නැති බව පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය. 30 August 2024
පක්ෂ ඡන්ද ප්‍රතිපත්ති මැකෝත් ඉල්ලයි සිය පක්ෂවල මැතිවරණ ප්‍රතිපත්ති මාලාවන්හි පිටපත් මැතිවරණ කොමිෂන් සභාවට බාරදෙන ලෙස දැනුම්දී ඇත. 30 August 2024
තැපැල් ඡන්දය සලකුණු කරන තැන් මෙන්න ජනාධිපතිවරණයේදී තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා නියමිත ස්ථාන සහ දින මැතිවරණ කොමිෂන් සභාව විසින් අද ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. 30 August 2024
සාමකාමී මැතිවරණයක් අපේක්ෂා කරනවා - විදෙස් නිරීක්ෂකයෝ කියති ජනාධිපතිවරණය ප්රජාතන්ත්රවාදී, සාධාරණය සහ සාමකාමී අයුරින් පැවැත්වෙනු දැකීම තම අරමුණ බවත්, ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණ සිටින යුරෝපා සංගම් මැතිවරණ කණ්ඩායමේ ප්‍රධානී නාචෝ සැන්චේස් අමෝර් මහතා පැවැසීය. 30 August 2024
ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ජනපති හමුවේ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. 30 August 2024
‘‘ත්‍රිකුණාමල තෙල් ටැංකි ප්‍රයෝජනයකට ගන්නවා‘‘ ත්‍රිකුණාමලය තෙල් ටැංකිවල තෙල් ගබඩා කර තෙල් අපනයනයට තම ආණ්ඩුවක් යටතේ කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ නායක සහ එම පක්ෂයේ ඡනාධිිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක කන්තලේ නගරයේ පැවති ජන රැළියක දී ප්‍රකාශ කළේය. 30 August 2024
අලියා මරා පුළුස්සා දැමූ අයෙක් අත්අඩංගුවට නිකවැරටිය කොටුඅත්තාවල ප්‍රදේශයේ දී වන අලියෙකු ඝාතනය කර පුළුස්සා වල දැමූ බව කියන පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව වනජීවී දෙපාර්තමේන්තුව කියයි. 30 August 2024
ඡනාධිපතිවරණයේ දී මනාප දෙකකට ඉඩ මෙවර ජනාධිපතිවරණයේදී එක් අපේක්ෂකයකුට තම ඡන්දයත් තවත් අපේක්ෂකයන් දෙදෙනකුට පිලිවෙලින් දෙවන හා තුන්වන මනාපත් ඡන්ද පත්‍රිකාවේ ලකුණු කිරීමට හැකියාව ඇතැයිද අවශ්‍යනම් ඡන්දය පමණක් ලකුණු කිරීමට හැකියාව ඇතැයිද මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 30 August 2024
දුම්රියක් පිලී පනී බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (30) පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 30 August 2024
බදු නිලධාරීන් කියා මුදල් වංචා කරන්න ගිය යුවළ මාට්ටු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව හඟවා හැඳුනුම්පත් සහ ව්‍යාජ ලේඛන පෙන්වා එම වෙළඳසැලෙන් රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබාගැනීමට උත්සහ කල පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක ප්‍රදේශවාසීන් අල්ලා අලුත්ගම පොලිසියට භාරදී තිබේ. 30 August 2024
‘‘වංචාවට, දූෂණයට නාස්තියට තිත තබනවා‘‘ වංචාවට, දූෂණයට නාස්තියට තිත තබා බංකොලොත් රට ගොඩගත හැකි දුප්පත්කම තුරන් කරන ජනතාවාදි ප්‍රතිපත්ති ප්‍රකාශය සමගි ජනසන්ධානය එළිදැක්වූ බව - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පූගොඩදී පැවසීය. 30 August 2024
මැතිවරණ කාර්යාලවල ඇමැතිවරුන්ගේ මුහුණු එපා මැතිවරණ කාර්යාලවල ප්‍රදර්ශනය කර ඇති ඒ ඒ ප්‍රදේශවල මැති ඇමැතිවරුන් ඇතුළු දේශපාලඥයන්ගේ රූප ඉවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව පොලිසියට උපදෙස්දී ඇත. 30 August 2024
ඕස්ට්‍රේලියා මැතිසබෙන් රූකාන්ත පවුලට ගෞරව සම්මාන ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්රයට හා ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාවට දැක් වූ කැපීපෙනෙන දායකත්වය වෙනුවෙන් රූකාන්ත ගුණතිලක හා චන්ද්‍රලේඛා පෙරේරා යන දෙපළට ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලාංකික කලාකරුවකුට ලැබෙන ඉහළ ගෞරව සම්මානය පුද කරනු ලැබිණි. 30 August 2024
ත්‍රිකුණාමලයේ පෙළපාලියකට අතුරු තහනමක් ජාත්‍යන්තර අතුරුදහන් වූවන්ගේ දිනය සමරමින් අද (30) කටවුට් හා බැනර් ප්‍රදර්ශනය කරමින් පැවැත්වීමට සංවිධානය කළ පෙළපාළියක් තහනම් කළ ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් ඊ. පායාස් රසාක් මහතා එය සංවිධානය කළ ත්‍රිකුණාමලය පදවිය භාර රදගුරු ක්‍රිස්ටියන් නොයෙල් එම්මානුවෙල් හිමිපාණන් ඇතුළු අට දෙනෙකුට එය සංවිධානය කිරීම වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය . 30 August 2024
අල්ලස්ගත් බව කියන සැරයන් රිමාන්ඩ් ගංජා සමඟ අත්අඩංගුවට ගත් යතුරු පැදියක් අධිකරණයට ඉදිරිපත් නොකර මුදා හැරිමට රුපියල් විසිදාසක අල්ලසක් ගත්තේ යැයි කියන මතුගම පොලිසියේ නඩු භාණ්ඩ නිලධාරි පොලිස් සැරයන් හා පාන්තිය ආදාහනාගාරයේ සහායකවරයා ලබන 13 දින දක්වා බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (30) නියෝග කළේය. 30 August 2024
තිදරු මවක් පැහැරගෙන යද්දී පොලීසියට මාට්ටු වවුනියාව , කොක්එළිය ප්‍රදේශයේ තිදරු මවක වෑන් රථයකින් පැහැරගෙන යමින් සිටි එම කාන්තාව ළගින් ඇසුරුකළ බව කියන පුද්ගලයකු ඇතුළු කණ්ඩායමක් කිලිනොච්චිය අලිමංකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය කියයි. 30 August 2024
පක්ෂ දෙකක ආධාරකරුවෝ ගැටෙති : අයෙක් රෝහලේ පක්ෂ දෙකක දේශපාලන ආධාරකරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ එක් පක්ෂයක ආධාරකරුවෙක් මිනුවන් ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ගම්පහ මහ රෝහල වෙත මාරුකර යවා ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි . 30 August 2024
ඉනේ ගසාගෙන ගිය බෝතලය බඩේ ඇනිලා බෝතලයක් ඉනේ සඟවාගෙන මහමග ගමන්ගත් පුද්ගලයෙකු බෝතලයත් සමඟ ගල්තලාවක් මත ඇද වැටී බිඳී ගිය බෝතලයේ කොටසක් උදරයේ ඇනීමෙන් බරපතල තුවාල ලබා අද (30) උදෑසන මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත. 30 August 2024
මිතුරා බේරාගන්න ගිය මිතුරා මුහුදේ සැඟවෙයි මිතුරන් පහළොස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් වැල්ලවත්ත මුහුදු තීරයේ සංවිධානය කර තිබූ රාත්‍රී උපන්දින සාදයක් අතරතුරදී දියේ ගිලී අතුරුදහන් උපන්දිනය සැමරූ තරුණයා බේරා ගැනීමට ගිය තරුණයකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි වැල්ලවත්ත පොලිසිය පවසයි. 30 August 2024
වෑන් රිය දුම්රියේ ගැටී රියදුරු රෝහලේ අඹෙිපුස්ස දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි කීණදෙනිය ගල්වැඩපල අසල දුම්රිය හරස්මාර්ගයේදී අද(30) උදෑසන වෑන් රථයක් දුම්රිය හරස් මාර්ගය පසුකර යන අවස්ථාවේදී මහනුවර සිට බෙලිඅත්ත දක්වා ධාවනය වෙමින් පැවති සීඝ්‍රගාමී දුම්රියේ ගැටී තුවාල ලැබූ රියදුරා වරකාපොළ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි මීරිගම පොලිසිය කියයි . 30 August 2024
සහනාධාර දෙන්නේ ආදායම වැඩි කරන සැලසුම් සමඟයි තමා ජනතාවට සහනාධාර ලබාදෙන්නේ ජනතාවගේ ආදායම වැඩි කිරීමේ සැලසුම් සහිතව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හම්බන්තොට සහ මොනරාගල ජන රැලි අමතමින් පැවසීය. 30 August 2024
බස්නාහිරට - සබරගමුවට තරමක තද වැසි බස්නාහිර,සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල,මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 30 August 2024
බසය වේල්ලේ ගැටී හයක් රෝහලට හම්බන්තොට සිට කොළඹ බලා ධාවනය කළ පුද්ගලික මගී බස් රියක් අද (30) අලුයම 3.30 ට පමණ තංගල්ල වේල්ලේදී අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් හත්දෙනකු තුවාල ලබා ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි . 30 August 2024
ඡන්ද වැඩට පොලිසියෙන් 54,000ක් ජනාධිපතිවරණ මැතිවරණ රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 54,000 ක් යොදවන බව ප්‍රජා පොලිස්, සංචාරක, ආයෝජන සහ මැතිවරණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා පැවසීය. 29 August 2024
රංගේ පක්ෂයෙන් දොට්ට,රංගෙගෙ තැන තලතාට? එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා එජාප මහලේකම් ධුරයෙන් ඉවත් කර ඇත. 29 August 2024
අල්ලස් ගත් සැරයන්ට මාංචු මතුගම පොලිසියට අනුයුක්තව රාජකාරි කරන සැරයන්වරයෙක් මුදල් අල්ලසක් ලබාගැනීමට යාමේදී අල්ලස් හෝ දූෂණ දෙපාර්තමේන්තුවවේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 29 August 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026