IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ෂාරුක් දෙව්දාස් ගැන කියයි

(විමුක්ති එස් රුද්‍රිගු)

තම රංගන ජීවිතයේ සන්ධිස්ථානයක් ලෙස සළකන දේව්දාස් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට සාධාරණයක් ඉෂ්ඨ කිරීමට හැකිවේදැයි සිතෙහි තිබූ චකිතය තමාව මත්පැන් පානයට පුරුදු කළ බව සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ප්‍රකාශ කළේය.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් දේව්දාස්ගේ චරිතය බාර නොගන්නා ලෙස බල කරද්දී සිය මව වෙනුවෙන් එම චිත්‍රපටය බාරගත් බවත් දිව්‍ය ලෝකයේ සිට ඇය දේව්දාස් නරඹනු ඇතැයි තමන් විශ්වාස කළ බවත් ෂාරුක් ඛාන් පැවැසුවේය.

මත්පැන්වලට ඇබ්බැහි වීම දේව්දාස් මුකර්ජී චරිතයට සාධාරණයක් ඉටු කිරීමට සහායක් වුවාද නැද්ද යන්න පිළිබඳව තමන් නොදන්නා නමුත් චිත්‍රපටයෙන් පසුව එම පුරුද්ද අත්හැර ගැනීමට තමන්ට නොහැකි වූ බව ෂාරුක් ඛාන් ප්‍රකාශ කළේය.

රංගන ජීවිතය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් තම මාපියන් මියගිය බවත් ඔවුන්ට දිව්‍ය ලෝකයේ සිට නැරඹිය හැකි වන ආකාරයේ දැවැන්ත චිත්‍රපට කිරීමට සැමවිටම තමන්ට අවශ්‍ය වූ බවත් ෂාරුක් ඛාන් පැවැසුවේය. දේව්දාස් චිත්‍රපටය අත්හැර දැමීමට සිතුණු අවස්ථා බොහෝ තිබූ බවත් නමුත් තම මාපියන් වෙනුවෙන් චිත්‍රපටය නිම කළ බවත් ඔහු ප්‍රකාශ කළේය.

මීට පෙර ක්ෂේත්‍රයේ දැවැන්තයන් එම චරිතය කර තිබු බැවින් දේව්දාස්ගේ චරිතයට සාධාරණයක් ඉෂ්ඨ නොහැකි වේදැයි තමාගේ සිත තුළ චකිතයක් තිබූ බවද ඔහු පැවැසුවේය.අන්තර්ජාලය ඔස්සේ විකාශයවූ ලොකාර්නෝ මීට්ස් නැමැති වැඩසටනට එක්වමින් ෂාරුක් ඛාන් මෙම අදහස් පළ කළේය.

එසේම ලොව සිටින කඩවසම් පුද්ගලයන් 10 දෙනා අතර ෂාරුක් ඛාන්ද සිටින බව නවතම අධ්‍යනයකින් හෙළිවී තිබේ.

ලන්ඩන් නුවර පදනම් කරගත් රූපලාවන්‍ය ශල්‍ය වෛද්‍යවරයකු වන ජූලියන් ද සිල්වා විසින් මෙම අධ්‍යනය කරනු ලැබ ඇත. එහිදී ෂාරුක් ඛාන්ට ග්‍රීක දෙවියකුට සමාන අංග සම්පූර්ණ මුහුණක් තිබෙන බවට අධ්‍යනයේදී හෙළිවී තිබේ.

 



අදහස් (0)

ෂාරුක් දෙව්දාස් ගැන කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site