
(තිලකරත්න දිසානායක සහ උපාලි රණවීර)
නිවාසවලට ඇතුලුවී දේපල කොල්ලකා කාන්තාවන්ට ලිංගික අතවර කළ බව කියන පුද්ගලයන් දෙදෙනකු අත් අඩංගුවට ගනු ලැබූ බව මල්වතුහිරිපිටිය පොලීසිය සඳහන් කරයි.
මොවුන් දෙදෙනා අවුරුදු 21 සහ 48 වයසෙහි පසුවන්නවුන් වන බවත් කාන්තාවගේ පළමු විවාහයේ පුතෙකු සහ දෙවන සැමියා වන අතර මොවුන් දෙදෙනා එක්ව මංකොල්ල කෑම් සිදු කරමින් කාන්තාවන්ට අතවර කොට ඇති බව අනාවරණය වී යැයි පොලීසිය පවසයි.
කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටිමින් මංකොල්ල කෑමේ සිද්ධීන් හතරක් සිදු කොට ඇති බවත් මල්වතුහිරිපිටිය පොලිස් වසමේ ඥාතී නිවසක රැදී සිටිමින් මල්වතුහිරිපිටිය සහ වැලිවේරිය පොලිස් වසම්වලදී කාන්තාවන්ට අතවර කොට ඇත.
මෙම සිද්ධීන් සැලවීමත් සමග අවට ප්‍රදේශයන්හි වැසියන් පවා දැඩි භීතියට පත්ව සිට ඇති අතර මංකොල්ලකරුවන් අත් අඩංගුවට ගැනීම පිනිස දැඩි උත්සාහයක යෙදී සිටියදී පෙරේදා අලුයම කහටාන ප්‍රදේශයේදී සැක සහිත පුද්ගලයන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමට හැකිවූ බවත් නින්ජා ඇදුමින් සැරසී සිටි මොවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී පොලීසියට අවශ්‍යව සිටියේ මොවුන් බවත් අනාවරණයවු බවත් පොලීසිය පවසයි.
සැකකරුවන් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී කොල්ලකන ලද රන් භාණ්ඩ කිහිපයක්ද සොයාගෙන ඇත.
2025 දෙසැම්බර් මස 30
47
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නිවෙස් කොල්ල කා කතුන්ට හිරිහැර කළ දෙකක් මාට්ට
jagath Friday, 18 October 2024 12:00 PM
මේ වගේ තිරිසන්නු හිරේ ගියොත් වෙන්නේ මහජන බදු මුදලින් ඔවුන්ව නඩත්තු කිරීමනේ. මේවාගේ තිරිසන්නු සිවිල් සමාජයකට නෙවෙයි වනාන්තරයකටවත් ගැලපෙන්නේ නැති නිසා කාමාතුරයින්, මිනීමරුවන්, කුඩුකාරයින්, කසිප්පු කාරයින් ඇතුළු අනෙකුත් සමාජ පිළිල අත්අඩංගුවට පත් සැනින්ම ආයුධ පෙන්වන්න ගෙනයාමෙන් තොරව අපේ සමාජය හදන්න බැහැ. ඔය වැඩේ අවුරුද්දක් විතර කරනකොට ඉබේටම ඔය ලෙඩේ සමාජයෙන් තුරන්වේවි. කාමතුරයින්ට මිට අමතරව ලාච්චු සෙල්ලමත් කළාට කමක් නැහැ.