IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නාත්තන්ඩිය-දන්කොටුව පාර තවමත් වහලා

( හිරාන් ප්‍රියංකර ජයසිංහ )

මහ වැසි හේතුවෙන් දින හයක්   වසා  දමා ඇති  නාත්තන්ඩිය දන්කොටුව හරහා මීගමුව ප්‍රධාන මාර්ගය ඇතැම් ස්ථාන වල අඩි තුනකට අධික ජල කදකින් පිරි තිබිම හේතුවෙන් තවමත් විවෘත කිරීමට නොහැකි තත්වයක් මතුව ඇති බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසයි.

 හැමිටන් ඇලේ පිරී  පවතින ජලජ ශාක හා  දිරාපත්ව ඇති  විශාල ප්‍රමාණයේ ගස්වල කඩා වැටී ඇති අතු ඉවත් කිරීමට  මීට පෙර කටයුතු නොකිරීම මීට ප්‍රධාන හේතුව බව ජනතාව පෙන්වා දෙති.

වසර   ගණනාවක් තිස්සේ මෙසේ ජලජ ශාකවලින්  හා විශාල ප්‍රමාණයේ ගස්වල අතු කඩා වැටී ඒවා දිරාපත්වීම  හේතුවෙන් ඇල මාර්ගය  අවහිර වී ජලය නිසි ලෙස ගලා යාම  නොවන බව ජනතාව පවසයි.

සාමාන්‍ය වැසි තත්වයක් හමුවේ  පවා මෙම ප්‍රදේශය ජලයෙන් යට වන බවත් ඒ සම්බන්ධව නිරන්තරයෙන් ජනතාව අදාළ බලධාරින් දැනුවත් කලද  ඊට සවන් නොදුන් බව ඔවුහු  චෝදනා කරති.  

මේ වන විට කිසිදු වාහනයක් මර්ගයේ ගමනාගමනය සිදු කිරීමට නොහැක.කිලෝමීටර් දෙකකට ආසන්න ප්‍රමාණයක් මෙම මාර්ගය ජලයෙන් යට වී තිබේ. ඇල දෙපස නිවාස රැසක් ද ජලයෙන් යටව වී ඇති අතර මෙම තත්ත්වය ගම්මාන කීපයකට බලපා තිබේ.

මාරවිල තල්විල   මෝය විවෘත කළද  ඇළ මාර්ගය ඇහිරී තිබීම නිසා තවමත් ජලය බැස යාම   සිදුනොවේ.

පීඩාවට පත් ප්‍රදේශ වල  පාසල් දරුවන් පාසල් නොගොස්      දින හයක් ගතව ඇති අතර ජනතාවට රැකියාවලට යාම ඇතුළු සියලු  දෛනික කටයුතු අඩාල වී ඇති බව පීඩාවට පත් ජනතාව පවසති.

 



අදහස් (0)

නාත්තන්ඩිය-දන්කොටුව පාර තවමත් වහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site