
(අංජුල මහික වීරරත්න)
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ වැඩ ඒකාබද්ධ අරමුදලෙන් මුදල් අනුමත වූ සැණින් ආරම්භ කරන බව ප්‍රවාහන ,මහා මාර්ග ,වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන් චන්ද්‍ර මහතා ලංකාදීපයට පැවසීය.
අදාළ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා ඒකාබද්ධ අරමුදලින් රුපියල් මිලියන 7500 ක මුදලක් ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවැති ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී තීරණය කෙරුණු බවද අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේය.
අදාළ මුදල් අනුමත වූ සැණින් මාර්ගයේ වැඩ අරඹන ලෙසට කොන්ත්‍රාත්කරුට දැනුම් දෙන බව අමාත්‍යංශ ලේකම්වරයා කීය.
මධ්‍යම අධිවෙිගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ වැඩ සියයට 36 ක් මේ වන විට අවසන්ව පවතී. එම මාර්ග කොටසේ දුර කිලෝමීටර් 37කි. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත මීරිගම කොටස ඉදිරි වූ පසුව කුරුණෑගල සිට මත්තලට සහ කටුනායකටත් අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් පහසුව සැලසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු පටන් ගත්තත්, කවුරු කෙසේ ඉවර කරත්, හරිහැටි වැඩේ කෙරෙනවා නම්, එය ජාතියේ පිනක්. වාසනාවන්ත කාර්යක්. මම නුවර වැසියෙක් ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව අගය කලත්, අද ඒ ගැන නව ජනාධිපති වරයා නිසි පරිදි , කඩිනම් ලෙස තීන්දු තීරණ ගැනීම මගින් ජන දුක නිවාලීම උදෙසා ගන්නා සියලු ක්‍රියා මාර්ග මහත් සේ අගය කරමි.
ගම්පහ නගරයේ පිවිසුම් දොරටු දෙකෙන් එකක් කැන්සල් කළා. ජා ඇල පාරේ අකරවිටින් තිබ්බ එක. ඒක නැවත ලබා දෙන්න. යක්කල පාරේ පිවිසුම ප්‍රමාණවත් නෑ. ඒ අවට පාසල් 6 ක් තිබෙන නිසා.
අපොයි ගස් කීයක් කැපෙයිද? පාර දෙපැත්තේ ගස් වවන්න පුළුවන් තරම්.