කැන්ටිමේ කාන්තාවට අතරවර කළ සැරයන්ගේ වැඩතහනම් බිංගිරිය පොලිස් ස්ථානයේ ආපන ශාලාවක් තුළදී එහි ආපන ශාලාවේ සේවය කළ කාන්තාවකට ලිංගික අතර කළ බව කියන සැරයන්වරයාගේ වැඩ තහනම් කළ බව කුලියාපිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි. 23 May 2024
පොලිස් බැති ගී අහන්න ජනපති යයි 2024 රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් ශ්‍රී ලංකා පොලිස් බෞද්ධ හා ආගමික කටයුතු සංගමය සංවිධාන කළ “පුදමු මුනිඳු බැති ගීයෙන්” වෙසක් බැති ගී ප්‍රසංගය කොළඹ නෙළුම්පොකුණ රඟහලේ දී පැවැත්වුණු අතර එය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී විය. 23 May 2024
දුරකතන රැහැන් කපා විකුණූ ටෙලිකොම් සේවකයෝ 7 ක් දැලේ වෙන්නප්පුව ප්‍ර දේශයේ භූගතව ඇද තිබූ රුපියල් ලක්ෂ 40 ක් පමණ වටිනා දුරකතන රැහැන් කපාගෙන ගොස් පරණ යකඩ බඩු කඩවලට විකුණූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ටෙලිකොම් ආයතනයේ සේවය කළ කාර්මික ශිල්පීන් 7 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි වෙන්නප්පුව පොලිසිය පවසයි. 23 May 2024
මිතුරාට කුඩු රැගෙන බන්ධනාගාරයට මිතුරා මාට්ටු මත්කුඩු අලෙවි කිරිමේ චෝදනා මත අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින මිතුරාට කෑම පාර්සලයක් තුළ දමා හෙරොයින් සහ අයිස් වර්ගයේ මත්කුඩු රැගෙන ගිය මිතුරෙකු අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි. 23 May 2024
මෙක්සිකෝවේ මැතිවරණ වේදිකාවක් කඩා වැටෙයි මෙක්සිකෝවේ නුඒඕ ලියෝන් ප්‍රාන්තයේ පැවති මැතිවරණ ප්රචාරක රැළියක වේදිකාවක් කඩා වැටීමෙන් අවම වශයෙන් 50 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 23 May 2024
උණ්ඩ පෙට්ටියක් ඉඩමකින් මතුවෙයි යුද සමයේ වළදමා තිබූ ටී 56 සහ ගුවන්යානා උණ්ඩ ඇතුළු උණ්ඩ 37,900 ක් මයිලඩි ප්‍රදේශයේ ඉඩමකින් සොයාගැනීමට හැකිවූ ඇති බව පාලලි පොලිසිය පවසයි. 23 May 2024
තුවක්කු ආඥා පනත සංශෝධනයට 1969 අංක 33 දරණ තුවක්කු ආඥා පනත සහ 1996 අංක 22 දරණ තුවක්කු සංශෝධන පනත මගින් නියම කර ඇති බලපත්‍ර ගාස්තු යාවත්කාලීන කර සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 23 May 2024
සුරා බදු දෙපාර්තමේන්තුවට ආදායම් පරිපාලන පද්ධතියක් ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහා ආදායම් පරිපාලන පද්ධතියක් (Rased)ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 23 May 2024
විදෙස් නඩු තීන්දු පිළිගන්න අලුත් නීතියක් එයි විදේශීය නඩු තීන්දු අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 23 May 2024
වතු කම්කරු වැටුප නොගෙව්වොත් බදු ගිවිසුම අවලංගුයි වතු කම්කරුවන් සඳහා දෛනික වැටුප් වැඩිවීමක් මෑතකදී රජය විසින් ප්‍රකාශයට පත් කළ ද ඇතැම් වතු සමාගම් විසින් එම වැඩි කරන ලද වැටුප ගෙවිය නොහැකි බවට රජය වෙත නියෝජනයන් ඉදිරිපත් කර ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් පියවර තුනක් ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය. 23 May 2024
‘රට සුවපත් කරන්න එක්වන්න‘ ජාති, ආගම්, කුල භේද මෙන්ම පක්ෂ පාට නොතකා එකාවන්ව එක්ව, ගොඩනඟමින් ඇති රට සුවපත් කරන්නට අප සැවොම පෙළ ගැසිය යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා වෙසක් දිනය නිමිත්තෙන් ප්‍රකාශයක් කරමින් පැවසීය. 23 May 2024
විජලනයෙන් ෂාරුක් රෝහලට ඉන්දියාවට බලපා තිබෙන දැඩි උෂ්ණත්වය හේතුවෙන් ඇතිවූ හදිසි රෝගී තත්වයක් මත ඉන්දීය සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් රෝහල් ගත කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. 23 May 2024
වැටුණු ගසේ හැපුණු යතුරුපැදිකරු මරුට හංවැල්ල වග ඉරිදා පොල ප්‍රදේශයේ මාර්ගයකට වැස්සත් සමඟ පැමිණි දැඩි සුළගකින් ඇද වැටුණු පුළුන් ගසක යතුරු පැදිකරුවකු ගැටී අද (23) සිදු වූ අනතුරකින් යතුරු පැදිකරු මියගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි. 23 May 2024
බදුල්ල-කොළඹ දුම්රිය ධාවනයට බාධා උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව හපුතලේ සහ දියතලාව බණ්ඩාරවෙල අතර දුම්රිය මාර්ගයට අද (23) උදෑසන විශාල ටර්පන්ටයින් ගස් කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි . 23 May 2024
ලක් මවු රනින් සැරසූ ලක් දරුවෝ දිවයිනට තායිලන්තයේ පැවති පළමු වැනි ආසියානු සහාය දිවීමේ ශූරතා තරගාවලියට සහභාගී වූ මීටර් 400 × 4 පිරිමි කණ්ඩායම රන් පදක්කමත් , මිශ්‍ර මීටර් 400 × 4 සහාය දිවීමේ කණ්ඩායම රිදී පදක්කමත් දිනා අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . 23 May 2024
වැස්ස අඩු නොවන ලකුණු නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 23 May 2024
HIV අඩපණ කරන්න එන්නතක් එව්.අයි.වී. වයිරසය අඩපණ කළ හැකි ආකාරයේ නව එන්නතක් නිපදවීමට ඇමෙරිකන් විද්‍යාඥයෝ පිරිසක් සමත් වී සිටිති. මෙය ඒඩ්ස් ආසාදිතයන්ට නව බලාපාරොත්තුවක් උදා කරනු ඇතැයි එම එන්නත නිපදවූ ’ඩියුක් වැක්සීන්’ ආයතනය පවසයි. 23 May 2024
වාර්තා අතරට ගිය කුරුලු පිහාටුව නවසීලන්තයට ආවේණික, වඳ වී ගිය කුරුල්ලකුගේ පිහාටුවක් වාර්තාගත මිලකට අලෙවි විය. මෙම කුරුල්ලා ’හුයියා’ (huia) යන නමින් හැදිවෙයි. මෙම කුරුල්ලාගෙන් ඉතිරි වී ඇත්තේ මෙම පිහාටුව පමණි. 23 May 2024
බ්‍රිතාන්‍ය මහ මැතිවරණය ජූලි 4 වැනිදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය එලැඹෙන ජූලි 4 වැනිදා පැවැත් වෙන ඇතැයි එරට අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි. 23 May 2024
තිලොවම එකලු කළ බුදු තෙමගුල අදයි ’’ දියෙහි උපන් සුදු පියුම යම්සේ වැඩේ ද පිවිතුරු සුවඳින් වූයේ,මනරම් වූයේ,යම් සේ දියෙහි නො කැවරේ ද,එපරිද්දෙන් ලෝකයේ මැනවින් උපන් බුදුරජාණන් වහන්සේ ලොවෙහි නො ඇලෙයි.දියෙහි නො තැවරෙන පියුම් මෙන් ලෝකයේ නො තැවරෙයි.’’ 23 May 2024
ගල් පැටවූ ලොරිය අඩි 1000ක් ප්‍රපාතයේ අධික මීදුම මධ්‍යයේ ගමන් ගත් කුඩා ලොරි රථයක් අද 22 කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ බෙරගල අතර බ්ලැක්වුඩ් ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන අඩි දහසකට වඩා අධික ප්‍රපාතයකට පෙරළී ඇතැයි ද එහි රියදුරු ඉවතට පැන දිවි බේරාගෙන ඇතැයි ද හපුතලේ පොලීසිය පැවසීය. 22 May 2024
මන්නාරම් මුහුද ගොඩ ගලයි මන්නාරම් නානාට්ටාන් සහ ශිලාවතුර මුහුදු සීමාවට අද (22) දින බලපෑ අධික වර්ෂාවත් සමග ඇති වූ සුලි කුණටුවක හේතුවෙන් මුහුදු රළ ගොඩ ගැලීමත් සමග ධීවර ජනතාව හා ධීවරයන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගෙන ඇත. 22 May 2024
දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ අයිතිය නැති කරයි ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකාරත්වය දැරූ ඉම්පීරියල් ස්පෝට්ස් ගෘප් සතු සියලුම අයිතිවාසිකම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවූ බව එම තරගාවලියේ ප්‍රධානී සමන්ත දොඩම්වල මහතා පැවසීය. 22 May 2024
සරසවි අනධ්‍යන වර්ජනයෙන් සරසවි කටයුතු අඩාලයි විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් විශ්ව විද්‍යාලවලට නවක සිසුන් ඇතුළත් කිරීමේදී භාවිතයට ගන්නා ශිෂ්‍ය අත්පොත සහ අයැදුම් පත්‍රය පිළියෙළ කිරීම සම්පූර්ණයෙන්ම නතර වී ඇතැයි වාර්තාවේ. 22 May 2024
වැස්සෙන් දිස්ත්‍රික්ක දහතුනකට දැඩි හානි අධික වර්ෂාව, ගස් කඩා වැටීම්, තද සුළං, අකුණු අනතුරු ඇතුළු ආපදා තත්ත්වයන් හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක 13 ක පවුල් 17325 කට අයත් 67865 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 22 May 2024
වතු වැටුප 1700 ට ගැසට් නිවේදනයක් වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීම ස්ථිර කරමින් ගැසට් නිවේදනයක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කර තිබේ. 22 May 2024
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කටුකුරුන්ද - උතුරු පයාගල සහ හෙට්ටිමුල්ල - මග්ගොන අතර දුම්රිය මාර්ගයට කොට්ටම්බා ගස් කඩාවැටීම හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පැයකට අධික දුම්රිය ප්‍රමාදයක් පැවතිණ. 22 May 2024
අතුරුදන් වු දරුවා පන්සලක මහණ වෙලා මදුරන්කුලිය ප්‍රදේශයේ නිවසකින් මීට දින හතරකට පමණ ඉහතදී අතුරුදන් වී ඇති බව කියන 12 හැවිරිදි සිසුවා කතරගම අක්කර 20, ඩෝසර්වැව ගෞතම සදහම් අරණ නැමැති විහාරස්ථානයක මහණවී සිටියදී සොයාගත් බව කතරගම පොලීසිය කියයි. 22 May 2024
විශ්‍රාමික හමුදා ජීවන තත්ත්වය නංවන්න අලුත් වැඩක් සේවයෙන් විශ්‍රාම ලබන ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 22 May 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026