
(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වත්මන් රජයේ ප්‍රතිපත්තිය අපැහැදිලි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සාගල රත්නායක මහතා අද (20) වැනි දා පැවසීය.
සාමාන්‍යයෙන් නව ජනාධිපතිවරයෙක් පත් වූ පසුව ඔහු විසින් නව රජයේ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවේදී හෝ වෙනත් ස්ථානයකදී ප්‍රකාශයට පත් කරන බව කී සාගල රත්නායක මහතා නව ජනාධිපතිවරයා පත්ව එවැනි ප්‍රකාශයක් කරන ආකාරයක් නොදුටු බවද සඳහන් කළේය.
කොළඹ මල් පාරේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සාගල රත්නායක මහතා මේ බව කීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මහතා,
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති ගිවිසුම සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය පිළිබඳ අපට අපැහැදිලිතාවයක් තිබෙනවා. සාමාන්‍යයෙන් නව ජනාධිපතිවරයෙක් පත් වූ විගස එම ජනාධිපතිවරයා ජාතිය අමතා තම රජයේ ප්‍රතිපත්තිය ජනතාවට දැනුම් දෙනවා. එසේ නැතිනම් පාර්ලිමේන්තුව අමතා ප්‍රතිපත්ති ප්‍රකාශය හෙළිදරව් කරනවා. පාර්ලිමේන්තුව විසුරවා හැරීම නිසා මෙවර එම අවස්ථාව ලැබුණේ නැහැ. එමෙන්ම පාර්ලිමේන්තුවෙන් පිටතත් ජනතාව අමතා ජනාධිපතිවරයා ප්‍රතිපත්ති ප්‍රකාශයක් එළිදක්වනු අප දුටුවේ නැහැ.
අපට ගැටලුවක් මතුවුණේ මෙහිදීයි. ශ්‍රී ලංකාව ඇමරිකාවේ උසාවියකට දැනුම් දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉදිරියට ගෙනයන බවයි. එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන ඉදිරියට ගෙන යන බවත් එහි දක්වා තිබෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ ගොල්ලොන්ගේ නායකයා සිලින්ඩර බිල්ලා අද නැත්තේ මොකෝ ?
සාගල! කලබල නොවී ඉන්නවාද? ඒ ගොල්ලො කලට වෙලාවට ඒවා කියයි. පුළුවන් එක ආසනයක්වත් දිනලා, ඔය ප්‍රශ්න ටික පාර්ලිමේන්තුවේදී අහන්නකෝ...!
මෙයා මොනවද දන්නේ IMF ගැන කතා කරන්න. මෙයා දන්න එකම වැඩේ ගැන රටම දන්නවා...
පිනට කන ඒවා දීලා ඉඳපල්ලා...
රජයේ ස්වරය ගැන එයාලා බලාගනීවි. තවම සති 4 ගියේ? තමුන්ලා සෑහෙන කාලයක් දේශපාලනේ කරලා රටම හොරාකාලා විනාශ කරපු එකනේ කෙරුවේ...
විකාර කතා කියන්නේ නැතුව ඉන්න. ඔයාගේ ඔය පැහැදිලි ස්ථාවරය තියන යාලුවාට මොකද වුනේ? තවත් සවුත්තු වෙන්නේ නැතුව ඔය කට්ටිය දේශපාලනයෙන් සමු අරගෙන පොතක් පතක් කියවාගෙන දෙන්න එක්ක ගෙදරට වෙලා ඉන්න.
අපහැදිලි තැන් පැහැදිලි කර ගන්නකෝ නිදාගන්න ගිය වෙලාවට සීයාගෙන්ම අහලා.
මේ සාගල කියන කෙනා මොන දේශපාලකයෙක්ද? පින් සීයාගේ මනදොළ සැතපුවා මිසක්, රටට වැඩක් ඇති මිනිහෙක්ද? දැන් එනවා අඩුපාඩු හොයන්න... ඔයාලා කොහොමත් 14න් පස්සේ ගෙවල්වල...!