IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හොර නෝට්ටු සමග දෙකක් සැකපිට

(ඉන්දිකා රාමනායක සහ ගයාන් සූරියආරච්චි)

රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 10 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනකු අක්කරෙපත්තුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.

මෙම ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරම සම්බන්ධයෙන් ලද බුද්ධි තොරතුරු මත අක්කරේපත්තුව සහ තිරුක්කෝවිල් යන කඳවුරු ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී මෙම සැකකරුවන් ලෙදෙනා ව්‍යාජ මුදල් නෝට්ටු සමග අත්අඩංගුවට ගනු ලැබ ඇත.

සැකකරුවකු ව්‍යාජ මුදල් නෝට්ටු සමග අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් හෙළිවූ තොරතුරු මත ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් තවත් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අක්කරේපත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා අක්කරේපත්තුව පොලිසියට බාර දී ඇත.

 

 



අදහස් (0)

හොර නෝට්ටු සමග දෙකක් සැකපිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site