
(රංජිත් රාජපක්ෂ)
හැටන් දික්ඔය නගර සභාවේ ආදායම් පරික්ෂකවරියගේ රාජකාරියට බාධා කරමින් මාර්ගය හරස් කර නගර සභාවේ වාහනයට පහර දුන් හැටන් නගරයේ ව්‍යාරපාරිකයෙකු ඊයේ(19)වැනි දින පස්වරුවේ හැටන් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර ව්‍යාපාරිකයා හැටන් නගරයේ පදික වේදිකාව අවහිර වන සේ එලවළු වෙලදාම සිදු කිරීම නිසා පදික වේදිකාවේ පදිකයින්ට ගමන් කිරීමට නොහැකි බව පවසමින් පදිකයින් පිරිසක් හැටන් දික්ඔය නගර සභාව වෙත කරන ලද පැමිණිල්ලක් මත එය ඉවත් කිරීමට ගිය නගර සභාවේ අදායම් පරික්ෂකවරියට සැකකාර ව්‍යාරපාරිකයා විසින් බැන වැද ඇයගේ රාජකාරියට බාධා කර ඇත.
එම පැමිණිලි සම්බන්ධයෙන් හැටන් පොලිස් කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරිවරයා සහ හැටන් මුලස්ථාන ප්රිධාන පොලිස් පරික්ෂකවරයා විසින් විමර්ෂණයක් ආරම්භ කර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර ව්‍යාපාරිකයා මින් ඉහත අවස්ථා කිහිපයකදී මෙවැනි කලහකාරී සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් හැටන් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර ඇති පුද්ගලයෙකු බවත් යලිත් එම සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කරන බව හැටන් පොලිසියේ නිලධාරියෙකු කියා සිටියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හයියෝ ... රුපියල් 1000 ක් පගාව දුන්නා නම් ඔක්කොම හරිනේ...
කුමසාරු .. ගොනා උනාට කමක් නැහැ .නිශ්සබදව තණ කන්න . උම්බෑ කියන්න එපා .