
(සුජිත් හේවාජුලිගේ)
තල් සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස පත්කිරීමට යන මාරියපිලෙයි සෙල්වින් මහතා සම්බන්ධයෙන් දූෂණ වංචා සහ අක්‍රමිකතා චෝදනා රැසක් පවතින හෙයින් ඔහු පත් කිරීමට පෙර දෙවරක් හිතා බලන්නැයි එම මණ්ඩලයේ එක්සත් සේවක සංගමය අමාත්‍ය විජිත හේරත් මහතාගෙන් ඉල්ලීමක් කරයි.
සංගමය මෙම ඉල්ලීම කර ඇත්තේ අමාත්‍යවරයාට ලිපියක් යවමිනි.
ඔහුට එරෙහිව පවතින චෝදනා විගණන විමර්ශනවලදී මැනවින් තහවුරු වී ඇතැයිද සංගමය සඳහන් කරයි.
මොහු ක්‍රියාකාරි අධ්‍යක්ෂ ලෙස සිටි 2015-2019 සමයේදී හකුරු මැෂින් මිලදී ගැනීමේ දී කෝටි දෙකකට වැඩි වංචා සිදු වී ඇති බව විගණනවලදී තහවුරු වී රාජ්‍ය අමාත්‍යාංශය එම පාඩු වූ මුදල් අය කර ගැනීමට කටයුතු කරමින් සිටින්නේ යැයි ද සේවක සංගමය අමාත්‍යවරයාට යැවූ ලිපියේ සඳහන් වේ.
මෙවැනි මූල්‍ය අක්‍රමිකතා කළ අයෙකු පත් කිරීමට පෙර දෙවරක් සිතා බලන්නැයි සංගමය අමාත්‍යවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලීමක් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකට කමක් නෑ. මොන තරම් වංචාකාරයෙක් වුණත් අපේ පාක්ෂිකයෙක්, ගජ මිතුරෙක්, විශ්ව විද්‍යාල සගයෙක් නම් ඒ ඇති. ඡන්දෙන් පස්සේ තව නියම වැඩ ටිකක් පෙන්වන්නම්...!
අර කිව්ව 225 න් තුන්දෙනෙක් දැන් රට පාලනය කරන්නේ. දෙවරක් සිතන්න ඕනෑ නෑ.
මෙයා අපේ කෙනෙක්. 2015 - 2019 තිබ්බේත් අපි පාන අල්ලපු ආණ්ඩුව. එහෙම තියෙද්දී මෙයාව පත්නොකර කොහොමද?
පොල් සංවර්ධන අධිකාරියේ නිලධාරීන් 2020 ගෝඨාභයගේ ආණ්ඩුව කාලේ විෂ පොල්තෙල් ගැන කතාව මතුවුණු වෙලාවේ මාධ්‍ය ඉස්සරහට ඇවිත් මහජනතාවට බොරු කියලා සිද්ධිය යට ගැහුවා. පරීක්ෂණ ප්‍රතිඵල වැරැදියට අර්ථ දැක්වූවා. ඒ ආනයනික පොල්තෙල් වලට පාර කපන්න. 2021, 2022 විගණන කාර්යාලය නිකුත් කරපු වාර්ෂික විගණන වාර්තාවල ලියලා තියනවා පොල්තෙල් වල aflatoxin පරීක්ෂා කරන්න මිලදී ගත්ත hplc යන්ත්‍රය 2017 මිලදී ගත්තු දවසේ ඉඳන් භාවිතයට අරගෙන නැති නිසා මෙම යන්ත්‍රය මිලදී ගන්න කටයුතු යොදපු නිලධාරියා ගැන පරීක්ෂණයක් පවත්වන්න කියලා. ඒකවත් අද වෙනකන් වෙලා නෑ. මාලිමා රජය මගින් දැන් පොල් සංවර්ධන අධිකාරියට අලුත් සභාපති කෙනෙක් පත් කරලා තියනවා. හැබැයි මේ දූෂිත නිලධාරීන් ඒතුමාවත් නොමග යවලා මේ පාරත් ඔය සිද්ධිය යට ගහගනී. මහජන සෞඛ්‍යට බරපතල තර්ජනයක් වෙච්චි මේ සිද්ධිය ගැන කවදා රටට ඇත්ත ඒලිවෙයිද?
පොල් සංවර්ධන අධිකාරියට පත් කරපු අලුත් සභාපති පරණ වංචා දුෂණ කරපු විගනන වාර්තා වලින් වැරදිකාරයො කරපු අයත් එක්ක ඒකතු වෙලා හම්බ කරන්න බැහැලා. බැලුවම වයින් එකයි බෝතලෙයි විතරයි වෙනස් වුණේ.
හා හා එහෙම කියන්න එපා. මාලිමාව කියන්නේ ඇල්වතුරත් නිවලා හත්පාරක් පෙරලා බොන රහසින්වත් පව් නොකරන අති පාරිශුද්ධ මිනිසුන් සිටින පක්ෂයක්. රහත් වීමට ආසන්න අය එතැන ඉන්නේ. හොරු කියන්නේ මාලිමාවේ නොවන අය. ලංකාවේ හොරු සහ හොඳ මිනිස්සු හඳුනාගන්න එකම ක්‍රමය මේක තමයි. පෞද්ගලික අංශය සහ මුදලාලිලා කියන්නේත් හොරු. ඒක නිසා හොරු නැති කරන්න සියළුම පෞද්ගලික ව්‍යාපාර රජයට පවරා ගන්න. වෘත්තීය සමිති තවත් දියුණු කරන්න. රාජ්‍ය ආයතන බිලියන ට්‍රිලියන ගණන් පාඩු ලැබුවත් රටට බරක් වුණත් කමක් නෑ. පාර්ලිමේන්තුව සුද්ධ කළාම ඇති. රටේ ඇත්ත පිළිකාව වෙච්චි පාඩුලබන රාජ්‍ය ආයතන සහ ලක්ෂ 17ක් රාජ්‍ය සේවකයෝ කියන ප්‍රශ්නේ අමතක කරලා 225 කියන විසප්පු ගෙඩිය ගැන කතාකරමු...