
තම පෞද්ගලික නිවසට පහර දී, තමා සහ බිරිඳ ඝාතනය කිරීමට හිස්බුල්ලා සටන්කාමීන් උත්සහ ගැනීම බරපතල වරදක් බව, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පෙන්වා දෙයි.
හිස්බුල්ලා සටන්කාමීන්ට කිසිදු සමාවක් නොලැබෙන බව ද අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අවධාරණය කර ඇත.
අග්‍රාමාත්‍යවරයා මෙසේ අවධාරණය කළේ ඊශ්‍රායලයේ සිසේරියා පළාතේ පිහිටි ඔහුගේ නිවසට හිස්බුල්ලා සටන්කාමීන්, ප්‍රහාරයක් සඳහා පුපුරන ද්‍රව්‍ය ඇටවූ ඩ්‍රෝන යානයන් එවූ බැවිනි.
තමන්ට, තම පවුලේ සාමාජිකයන්ට හෝ ඊශ්‍රායල වැසියන්ට අනතුරක් කිරීමට උත්සාහ ගන්නා ඉරානයේ සහාය ලබන හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග අනුගමනය කරන බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පැහැදිලි කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පලස්තීනුවන් තවත් දහස් ගණනක් මරා දාන්න මේ ප්‍රහාරය දැන් නිමිත්තක් කර ගනියි. පවු කුඩා දරුවන්...!
ත්‍රස්තවාදය කොතරම් කුරිරු දැයි අපට ඉගැන්නුවේ කොටි ත්‍රස්තවාදීන්... ත්‍රස්තවාදීන් කවදා හෝ පරාදවන වග රටට පෙන්නුවේ මහින්ද මහතා පෙරටුකොටගත් සියලු හමුදාවෝයි..
ත්‍රස්තවාදීන් පුහුණු කරේ ඊශ්‍රාලයයි. අපිට විරුද්ධව සටන් කරන්නේ දැන් ආයේ ඔවුන්ට මුහුණ දෙන්න වෙලා...!
ඔබතුමාට අපේ සජිත් මහත්තයා තරයේ කිව්වා ඔය විකාර වහාම නවත්වන්න කියලා. අහන්නේ නැද්ද තවත්.