තම පෞද්ගලික නිවසට පහර දී, තමා සහ බිරිඳ ඝාතනය කිරීමට හිස්බුල්ලා සටන්කාමීන් උත්සහ ගැනීම බරපතල වරදක් බව, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පෙන්වා දෙයි.
හිස්බුල්ලා සටන්කාමීන්ට කිසිදු සමාවක් නොලැබෙන බව ද අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අවධාරණය කර ඇත.
අග්‍රාමාත්‍යවරයා මෙසේ අවධාරණය කළේ ඊශ්‍රායලයේ සිසේරියා පළාතේ පිහිටි ඔහුගේ නිවසට හිස්බුල්ලා සටන්කාමීන්, ප්‍රහාරයක් සඳහා පුපුරන ද්‍රව්‍ය ඇටවූ ඩ්‍රෝන යානයන් එවූ බැවිනි.
තමන්ට, තම පවුලේ සාමාජිකයන්ට හෝ ඊශ්‍රායල වැසියන්ට අනතුරක් කිරීමට උත්සාහ ගන්නා ඉරානයේ සහාය ලබන හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග අනුගමනය කරන බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කිසිම සමාවක් නැහැ - නෙදන්යාහු
යෝගා Sunday, 20 October 2024 08:13 AM
පලස්තීනුවන් තවත් දහස් ගණනක් මරා දාන්න මේ ප්‍රහාරය දැන් නිමිත්තක් කර ගනියි. පවු කුඩා දරුවන්...!
රම්බොඩ Sunday, 20 October 2024 09:33 AM
ත්‍රස්තවාදය කොතරම් කුරිරු දැයි අපට ඉගැන්නුවේ කොටි ත්‍රස්තවාදීන්... ත්‍රස්තවාදීන් කවදා හෝ පරාදවන වග රටට පෙන්නුවේ මහින්ද මහතා පෙරටුකොටගත් සියලු හමුදාවෝයි..
Dharmatileke Sunday, 20 October 2024 10:59 AM
ත්‍රස්තවාදීන් පුහුණු කරේ ඊශ්‍රාලයයි. අපිට විරුද්ධව සටන් කරන්නේ දැන් ආයේ ඔවුන්ට මුහුණ දෙන්න වෙලා...!
Kazi Shajahan Sunday, 20 October 2024 02:04 PM
ඔබතුමාට අපේ සජිත් මහත්තයා තරයේ කිව්වා ඔය විකාර වහාම නවත්වන්න කියලා. අහන්නේ නැද්ද තවත්.