
(ෂේන් සෙනෙවිරත්න)
මුදල් නොමැති බව පවසා කල්තැබුණු පළාත් පාලන මැතිවරණය මෙරට ප්‍රතිපත්තියක් නොමැතිව පක්ෂ මාරු කරන දේශපාලකයන්ගේ සළුපිළි ගැලවෙන මැතිවරණයක් වනු ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.
එම මැතිවරණය සම්බන්ධයෙන් දී ඇති උසාවි නියෝගය අනුව එම නාමයෝජනා පත්‍ර අනුවම කිසිදු වෙනස් කිරීමකින් තොරව නැවත පැවැත්විය යුතුව තිබෙන බව පැවසූ මැතිවරණ කොමසාරිස්වරයා එම කාලය තුළ පක්ෂ මාරු කළ පුද්ගලයන් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට කිසිදු ප්‍රශ්නයක් නොමැති බවද පැවසීය.
ඒ අනුව ඡන්දයට ඉදිරිපත් වන අපේක්ෂකයන් කවුරුන් හෝ එවකට ඔවුන් සිටි පක්ෂය මාරු කොට එම පක්ෂය තුළින්ම ඡන්දයට ඉදිරිපත්ව ජය ලැබුව ද ඔවුන්ගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් අවහ්‍ය පියවර ගැනීමට පක්ෂ ලේකම්වරුන්ට බලය ඇති බවද පැවසීය.
මෙවර මැතිවරණයේ දී පිළිගත් දේශපාලන පක්ෂවලින් 496ක් මැතිවරණය සඳහා ඉදිරිපත් වෙනවා. ස්වාධීන අකණ්ඩායම් 281ක් මැතිවරණය සඳහා ඉදිරිපත් වෙනවා . කොට්ඨාස 22 න් අපේක්ෂකයන් 8352ක් ඉදිරිපත් වෙනවා. ඊට අමතරව ජාතික ලැයිස්තුවේ 460 ක් සිටිනවා . මෙවර ස්වාධීන කණ්ඩායම් ද ජාතික ලැයිස්තුවට නම් දීම විශේෂත්වයක් බවද මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පක්ෂ මාරු කරන දේශපාලකයන්ගේ සළුපිළි ගැලවෙන මැතිවරණයක් : මැකෝ කියයි
lankaputha Sunday, 20 October 2024 05:08 PM
අන්න කොන්ද කෙළින් තියන නීතිය..!
Sugath Dissanayaka Sunday, 20 October 2024 05:40 PM
අන්න වැඩේ. දැන් බලමු කට්ටිය මොකද කරන්නේ කියලා. මාලිමාවේ අය ඇරෙන්න අනික් ඔක්කොම එක එක පැත්තට පැනලා...
sukitha Sunday, 20 October 2024 05:51 PM
කොකාට වාරයක් ආවා නම් තිත්තයටත් වාරයක් එනවලු නේද නාමල් මල්ලී.
බකල ජයාMonday, 21 October 2024 08:40 AM
පොඩි පොඩි හොරකම් අහුවෙනකොට, දැල ටිකෙන් ටික ලං වෙනකොට රජ පැටව් වගේ හිටිය අයට කොකා කියල නම් අහගන්නත් වෙලා.