
ඉන්දියාවේ නවදිල්ලි නුවර විග්යාන් භවන්හි පැවති ජාත්‍යන්තර අභිධර්ම දිවාස් උත්සවය සභාගී වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විශේෂ දේශනයක් කළේය.
බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම සහ බුදුරජාණන් වහන්සේගේ වදන් ලොවට දායාද කළ පාලි භාෂාවට මෙම මාසයේදී ඉන්දීය රජය සම්භාව්‍ය භාෂා තත්ත්වය ලබාදීම සැමරීම සඳහා අභිධර්ම දිවාස් උත්සවය පැවැත්විණි.
දේශනයට ප්‍රථම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවකට මල් පූජා කළේය.
අනතුරු උත්සවයට පැමිණ සිටි සංඝයා වහන්සේලාට වැඳ නමස්කාරීමෙන් අනතුරු ව දේශනය ආරම්භ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නායකයෙක්ට එහෙම හිතෙන්නත් පින් තියෙන්න ඕනෑ. ඉන්දියාවේදී බුදු දහම කියන්නේ ඉතාම සුළු පිරිසක් අදහන ආගමක්. ඒත් මේ නායකයාට ඒ දහමේ අගය යම් ආකාරයකට දැනිලා තියෙනවා. ඒකට අපේ රටේ. පස් පඩංගුවේ ගරහමින් නාමිකව ව්‍යවස්ථාවේ තියෙන වගන්තියත් අයින් කරන්න තමයි හදන්නේ...
බුදුදහම අද ලෝකය තුළ ඉහළ පිළිගැනීමකට ලක් වී තිබෙනවා. එයට ප්‍රධාන හේතුවක් එහි එන මනෝ විද්‍යාව සහ මනසේ ක්‍රියාකාරිත්වය සම්බන්ධ පැහැදිලි කිරීම් නවීන විද්‍යාවද ඉක්මවා යාම නිසයි. ස්නායු විද්‍යාව සම්බන්ධ නව පරීක්ෂණ ගැන සොයා බැලුවහොත් මෙය වටහා ගත හැකියි. අන්තර්ජාලයේ නවීන විද්‍යාත්මක සිය ගැනීම් සමග ගැටීමක් නැති ආගම කුමක්ද යන්න විමසීමෙන් තවත් තොරතුරු දැනගත හැකියි.
නමෝ බුද්ධාය...!