
(අංජුල මහික වීරරත්න)
ලඟදී ඇරැඹෙන 2024 බ්‍රික්ස් රටවල නායක සමුළුව නිමිත්තෙන්, ගෝලීය දකුණු චින්තන පර්ෂද සංවාදය අද (16) බෙයිජිං හිදී පැවැත්විණි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ සබඳතා දෙපාර්තමේන්තුවේ හා චීන මාධ්‍ය සමූහයේ පොදු ප්‍රමුඛත්වයෙන් එය සංවිධාන කෙරිණි.
"සාමය, සංවර්ධනය, ආරක්ෂාව සමඟ, පොදු ඉරණමක් සහිත සමෘද්ධිමත් ලෝකයක් එක්ව ගොඩනැගීම" එහි තේමාවයි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ සබඳතා දෙපාර්තමේන්තුවේ අමාත්‍ය Liu Jianchao , චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානී, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong , විඩියෝ තාක්ෂණයෙන් එහිදී දේශන සිදු කළහ. ලොව පුරා රටවල් 76ක දේශපාලන ප්‍රධානීහූ, රජයේ නියෝජිතයෝ, විද්වත්හු සහ මාධ්‍ය නියෝජිතයෝ ඊට එක් වූහ.
ගෝලීය දකුණේ රටවල් සමඟ සමීප වෙමින් ගෝලීය සංවර්ධන මුල පිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම සහ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම ක්‍රියාත්මක කිරීම සහ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම උදෙසා විශාල "ගෝලීය දකුණේ" ශක්තියක් එකතු කිරීමට චීනය සූදානමින් සිටින බව Liu Jianchao මහතා පැවසීය.
Shen Haixiong මහතා සිය දේශනයෙන් පැවැසූයේ චීන මාධ්‍ය සමූහය චීනය සහ "ගෝලීය දකුණේ" රටවල් අතර හුවමාරු, සංවාද, අන්‍යෝන්‍ය ඉගෙනීම සඳහා පාලමක් ගොඩ නඟනු ඇති බවයි.
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහා ලේකම් වෛද්‍ය ජී.වීරසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම සංසදයට විඩියෝ සුබ පැතුම් පළ කරමින්, ගෝලීය දකුණු විද්වත් පර්ෂද සහයෝගීතා ශක්තිමත් කිරීමේ සිය අපේක්ෂාවන් පළ කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනෙත් නිකං ලෝකෙට පරකාසේ වැඩ කරන්නේ... ඉස්සෙල්ලා තමන්ගේ රටේ ජනතාව නිදහස් කරලා, වටේ රටවලට චන්ඩිකම් දාන එක නවත්තලා හිටියා නම් හොඳයි. චීනෙ දැන් තනිකරම ආවේක්ෂණ රටක්.