IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දවල් ආහාරයට පසු දුන් වතුර බෝතලේ තුවාල සෝදන දියර

(කේ බුද්ධික කුමාරසිරි)

ගොතටුව ප්‍රදේශයේ සුප්‍රසිද්ධ අවන්හලකින් මිලදී ගත් වතුර බෝතලයක පානීය ජලය වෙනුවට සර්ජිකල් ස්ප්‍රීතු තිබීම නිසාවෙන් එය පානය කළ තරුණියක ආසාදනයට ලක්ව අනතුරුව පැමිණිල්ලක් සිදු කර ඇතැයි ගොතටුව පොලිසිය පවසයි.

අංගොඩ ප්‍රදේශයේ තරුණියන් දෙදෙනකු අදාල අවන්හලකට පැමිණ ආහාර ගෙන අනතුරුව මිලදී ගත් මිලි ලීටර් 250 පානීය වතුර බෝතලයක් මුද්‍රා ඉවත් කර පානය කිරීමේදී උගුරට දැඩි අපහසුවක් දැනි පානය කළ ජලය වමනය කර ඇති අතර එම අවස්ථාවේදී ඇයගේ උගුර ප්‍රදේශය පිචිචි යන අකාරයේන් දැනී ඇති බවද අදාල පැමිණිල්ලෙහි සදහන් බවද පොලිසිය පවසයි.

එම අවස්ථාවේදී අවස්ථාවේදී අදාල අවන්හලට අහාර ගැනිමට පැමිණි සිටි වෛද්‍යවරියක් එම ජල බොතලය සජිකල් ස්ප්‍රීතු බවට පවසා ඇතැයි ද පොලිසිය පවසයි.

ඒ අනුව අදාල ස්ප්‍රීතු අඩංගු බව කියන පානීය ජල බෝතලය පොලිස් භාරයට ගෙන ඇති අතර එය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත ලබා දී පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිත බවද පොලිසිය පවසයි.

 



අදහස් (0)

දවල් ආහාරයට පසු දුන් වතුර බෝතලේ තුවාල සෝදන දියර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site