
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
සිය වැඩිමහල් සොහොයුරියගේ රැකවරණය යටතේ ඇති දැඩි වුණු පහළොස් හැවිරිදි පාසල් සිසුවෙකු අද (16) කොටදෙනියාව මීරිගම මාර්ගයේ මල් පැළ තවානට නුදුරින් පිහිටි දිය පිරුණු වළක වැටී මරණයට පත්ව ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි .
මෙසේ මිය ගොස් ඇත්තේ කොටදෙනියාව එරබද්ද ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි වරාදල පොල් වත්ත පාරේ ස්ථිර පදිංචිකරුවකු වූ ලසිඳු දුල්සාන් රවිහාර හේරත් නමැති පාසල් සිසුවෙකි .
කලක සිට මවගේ හා පියාගේ රැකවරණයෙන් තොරව වැඩිමහල් සොහොයුරිය යටතේ ඔහු හැදී වැඩී ඇතැයි ද සුළු රැකියාවක යෙදෙමින් සොහොයුරිය මලනුවන් පාසල් යවා ඇතැයි ද මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත .
මෙම සිසුවා තවත් සිසුන් පස් දෙනෙකු සමග මෙම වලේ දිය නෑමට ගොස් ඇතැයි ද ඒ අවස්ථාවේ ඔහු මඩේ එරී ඇති බව ද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත .
වසර හතරක් පහකට පමණ පෙර පස් කැපූ වළක් බව කියන මෙහි දරුවා එරී සිටින බව දැන ගැනීමෙන් පසු ප්‍රදේශවාසීන් හා පොලිසිය මැදිහත් ව දරුවා ගොඩ ගෙන ඇති අතර පොලිසිය මගින් ම දරුවා මීරිගම රෝහලට ඇතුළත් කරනු ලැබ ඇත .
2025 දෙසැම්බර් මස 30
47
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වතුර වළකට වැටී සිසුවෙක් මරුට