IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඇල්පිටිය පුංචි ඡන්දෙට පාට කරන ඇඟිලි මාරුවෙයි

(ජේ.ඉඳුරුවගේ)

පැවති ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්ද දායකයාගේ වම් අතේ සුළැඟිල්ල උචිත ලකුණින් සළකුණු කළත් මෙම මස 26 දින පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ඡන්ද දායකයාගේ වම් අතේ මහපටැඟිල්ල උචිත ලකුණින් සළකුණු කරන බව මැතිවරණ  කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරණයේ දී සුළැඟිල්ල සලකුණු කර ඇති බැවින් ඡන්ද විමසීම් ආඥා පනතට අනුව ඡන්ද දායකයා ලකුණු කිරීම සම්බන්ධයෙන් මතු විය හැකි ගැටළුව නිරාකරණය කිරීම සඳහා මෙලෙස වමතේ මහපටඟිල්ල සළකුණු කරන බව මැතිවරණ කොමිෂන් සභාව අද (16) දාතමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත් කළේය.

මෙහිදී ඡන්ද දායකයාගේ  වම් අතේ මහපටඟිල්ල නොමැති අවස්ථාවක දකුණු අතේ වෙන යම් ඇඟිල්ලක් උචිත ලකුණින් සළකුණු කරන බවද මැතිවරණ කොමිෂන් සභාව  එම ගැසට් නිවේදනය මගින් කියා සිටී.



අදහස් (2)

ඇල්පිටිය පුංචි ඡන්දෙට පාට කරන ඇඟිලි මාරුවෙයි

මොහොට්ටාල Thursday, 17 October 2024 10:03 AM

ජනාධිපතිවරණය සදහා සළකුණු කල ඒවා තවමත් තියෙනවා මහ මැතිවරණය සදහා වෙන ඇගිල්ලක් සළකුණු කරන්න ඊළඟට පලාත් පාලන මැතිවරණය සදහා තවත් ඇගිල්ලක් හා පළාත් සභා සදහා ඇගිල්ලක් ගත්තාම එකක් ඉතිරි වෙනවා ඒකටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනසක් කරන්න හෝ පළාත් සභා අවශ්‍යද කියලා ජනමත විචාරණයක් තියන්න එතකොට හැමදාම ඡන්ද තියතියා ජනතා පරමාධිපත්තිය රකිමින් ජනතා මුදල් නාස්ති කරන්න පුළුවන් වේවි.

:       0       0

Rohana Thursday, 17 October 2024 02:35 PM

ඇඟිලි පාටකරන යල්පැනගිය ක්‍රම පාවිච්චිකරන්නේ ඇයි? ජාතික හැඳුනුම්පත ඡන්දය දැමීමට අවශ්‍ය වනනිසා ඡන්ද දායක ලැයිස්තුවේ සිටිය යුත්තේ එකම නමක් හා හැඳුනුම්පත් අංකය ඇති කෙනෙක් නම් තාක්ෂණිකව එම පුද්ගලයාගේ නම වෙනත් තැනක තිබිය නොහැක්කේ පරිඝනක තාක්ෂණයෙන් එය නිවැරැදි බව පහසුවෙන් පරීක්ෂා කිරීමට හැකිවීම නිසයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site