IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමක්:අයෙක් මරුට

(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අයිස් ජාවාරමේ යෙදුණු බව කියන පුද්ගලයකුට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් කීපදෙනකු විසින්  කළ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබූ ජාවාරම්කරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.

මියගිය පුද්ගලයා මාදම්පිටිය කනත්ත අසල ත්‍රිරෝද රථයක පිටුපස ආසනයේ සිටියදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.

එම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ අවුරුදු 35 ක්  වන මිහිජය සෙවණ ප්‍ර දේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය පවසයි.

මෙම වෙඩි තැබීම සදහා සැකකරුවන් පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත රක ඇති බව පොලිස් ස්ථානීය පරීක්ෂණ නිලධාරීන් සිදුකළ විමර්ශනවලදී අනාවරණයවී ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුවන්නට ඇති බවට පොලිසිය සැකපළ කරයි.

සී.සී.ටී.වී දර්ශන ඔස්සේ විමර්ශන අරඹමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

කොළඹ උතුර දිසාව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.එස්.කේ. රූපසිංහ මහතාගේ උපදෙස් පරිදි ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එස්. හැරිසන් මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.

 



අදහස් (0)

ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමක්:අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site