(නිමල කොඩිතුවක්කු)
පවතින අධික වර්ෂාවත් සමග ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි.
වසරේ ගතවූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 40743 දෙනෙකු වාර්තාවී ඇති බවත් එහි විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය පැවසුවාය.
එම කාළය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් තිබේ.
වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පලාතෙන් සහ මහනුවර, රත්නපුර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක වලින් වාර්තා’වූ බවත් ඇය සඳහන් කළාය.
පසුගිය සතිය තුළ පමණක් ඩෙංගු රෝගීන් 693 ක් වාර්ථා වී ඇති බවත් විශේෂඥ වෛද්‍යවරිය පැවසීය.
පවතින වර්ෂාවත් සමග වර්ධනය වන මදුරු ඝනත්වය පාලනය කිරීම සඳහා ඉදිරි දිනවලදී මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීමට පියවර ගත යුතු බවත් ඇය සඳහන් කළාය.
සාමාන්‍ය පුද්ගළයෙකුට උණ රෝගය වැලදී ඇත්නම් දින දෙකකට පසු වෛද්‍ය ප්‍රතිකාර ගැනීමත් ගර්භනී මවක් නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ගැනීමත් අනිවාර්‍යය බව විශේෂඥ වෛද්‍යවරිය තවදුරටත් පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ඩෙංගු මර්ධනයට කියුබාවෙන් උදව් කරනවා කියලා කිව්වා නේද? මොකද වෙනදා වගේ මේ පාරත් වැඩේ බකල්ද?
තවම අමතන්නෙ ගැලරියට විතරයි . විසිල් විතරයි බල්ටි නැහැ . ඒ හින්දා මේ වගේ වැදගත් ප්‍රශ්න දැන් ගනන් ගන්නේ නැහැ