(ගයාන් සූරියආරච්චි)
ඩුබායිහි සැගව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන රොහාන් නැමැත්තාගේ ගෝලයකු හෙරොයින් ග්‍රෑම් 250 ක් සහ මිලිග්‍රෑම් 590 ක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 12, ප්‍රදේශයේ පදිංචි අවුරුදු 47 ක පුද්ගලයකු බව පොලිසිය පවසයි.
සැකකරුගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරිම්වලදී සැකකරු විවිධ ස්ථානවලට මත්ද්‍රව්‍ය බෙදාහැර ඇති බවත් එක් බෙදාහැරීමක් සදහා රුපියල් 50,000 ක මුදලක් ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සැකකරුට ගෙවා ඇති බවත් අනාවරණය වී ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (14) ග්‍රෑන්ඩ්පාස් ස්ටේස්පුර ප්‍ර දේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් පාර්සලයක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
පසුව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරු නිවෙසේ සගවා තිබූ තවත් හෙරොයින් පාර්සල් 2 ක් පොලිසිය සොයාගෙන ඇත.
පොලිසිය සොයාගත් පාර්සල් තුනේම හෙරොයින් ග්‍රෑම් 250 ක් සහ මිලිග්‍රෑම් 590 ක් තිබී ඇති බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි. කොළඹ අපරාධ කොට්ඨාසය බාර සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.
2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඩුබායි මත් ජාවාරමාගේ ගෝලයෙක් මාට්ටු